IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැව සංස්ථාවේ සභාපතිගේ - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානීයාගේ නඩුව විභාග කිරීම 9 වැනිදා සිට

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල්  කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව ලබන මස 09 වැනිදා සිට විභාග කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) තීරණය කළේය.

මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු වන එම්. ජී. ෂුගර්  පුද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරු මඩුල්ල ඔහුට සිතාසි නිකුත් කළේය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

2018 වසරේ පෙබරවාරී මස 22 වැනිදා හෝඊට ආසන්න දිනයක ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නඟා ඇත.

විත්තිකරුවන් විසින් අල්ලස් පණත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කොට ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස  කටයුතු  කළ පියදාස  දිසානායක මහත්වරුන්ට එරෙහිවය.

කොළඹ 07, රොස්මිඞ් පෙදෙසේ පදිංචි ‘එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගම’ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කරන ලද අතර ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු ලෙස නම් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථ ගාලේදී මෙම විත්තිකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වීඞීයෝ කිරීමක් සිදුව ඇතැයිද ඊට අදාළ පිටපත් විත්ති පාර්ශ්වයට බාරදුන් බවත් පැවසුවාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන මස 09 වැනිදා සිට විභාග කිරීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන රියෙන්සි අර්සකුලරත්න සහ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

 

 

 

 



අදහස් (3)

දැව සංස්ථාවේ සභාපතිගේ - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානීයාගේ නඩුව විභාග කිරීම 9 වැනිදා සිට

Kumar Monday, 22 July 2019 04:41 PM

ලොකු සල්ලි ගන්නේ තමන්ට පමණක් නොවේ කියලා මම අහලා තිබෙන්නෙ. ඔය සිදුවීමට අයත් ව්‍යාපෘතිය තාම ඉදීරියට ගියේ නැහැ නේද. චුදිතයෝ උසාවියෙන් වැරදිකාරයො වුනොත් ඔවුන්ගේ දේපොළ රාජසන්තක වෙනවද.

:       0       3

Chanak los angelesTuesday, 23 July 2019 12:21 AM

මොන පිස්සුද මේවා රජයේ සල්ලි කා දමමින් මෙහෙම ඇදගෙන ගිහිල්ලා නොකර සද්දේම අවිනිශ්චිත ගිණුම් අතරේ සැඟවී යනවා . පේනවා නේද සාටකලා ජනපති ඡන්දෙට මිනිසුන් අදින්න ලංගමෙන් බස්රථ ගෙන ණය නොගෙවා පොලු තබපු නඩුව හැංගිලා තිබෙන විධිය ?

:       0       0

රවින් Tuesday, 23 July 2019 02:21 AM

අකුරක් නෑර වාර්තා කලයුතු නඩුවක්. බොහෝ දේවල් යටගහන්න හදනවා. කිල්ලෝටවල තියාගන්න හදන හුණු ? හරියට නඩුව ගියොත් ගොඩක් කට්ටියගේ විලි වහගන්න රෙදි ආනයනය කරන්න වෙයිවගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site