IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


දරුවන් පාසල් යවන්නැයි යුද හමුදාපති මාපියන්ගෙන් ඉල්ලයි

(හර්ෂණ තුෂාර සිල්වා)


සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල් යැවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටියි.
 
මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ දී පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණ ද පැතිර ගිය කටකතා සහ තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් බොහෝ මාපියන් ඔවුන්ගේ දරුවන් පාසල්වලට එවීමට මැළිකමක් දැක්වූ බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටී.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකු-ත් කරමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කරයි.
  
‘රට රකින ජාතිය’ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව රටේ සියලු පුරවැසියන්ගේත්, දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම අවධියෙන් සිටින බව පවසන යුද හමුදාපතිවරයා රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලසා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල්වලට එවැන්නයි දෙමාපියන්ගෙන් යළි යළාත් ඉල්ලා සිටින බව ද පවසයි.
 
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවය වාර්තා කිරීමේ අඩුවක් සහ ජන ජීවිතය අඩාළ වීමක් සිදුවූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
 
ප්‍රහාරය සිදු වූ කෙටි කාලයක් තුළ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය සියලු බලතල දුන් බැවින් ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනීමටකරන ලද මෙහෙයුම් සහ පරීක්ෂණ ඉතා සාර්ථකව සිදු කෙරෙන බව යුද හමුදාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

රට තුළ ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ ජන ජීවිතය පවත්වාගෙන යෑම මේ වනවිට සතුටුදායක ලෙස වර්ධනය වී ඇතැයි ද එහි දැක්වේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද යුද හමුදාපතිවරයාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 
 
 



අදහස් (4)

දරුවන් පාසල් යවන්නැයි යුද හමුදාපති මාපියන්ගෙන් ඉල්ලයි

sirimal Monday, 20 May 2019 12:42 PM

ඒ කතාව ඇහුවට පස්සේ වෙන්න ඇති අරයා එයාගේ ගෝලබාලයෝත් එක්ක පාසල් යන්න තීරණය කලේ... මොන ක්‍රමයකින් හරි "වොයිස් කට්" දෙන්න ක්‍රමවේදයක් හදාගන්න.. ඒ ගොල්ලෝ කොහොමත් දක්ෂයිනේ...

:       145       228

අනිල් Monday, 20 May 2019 02:42 PM

කවුද අනේ අරයා? ඔයාගේ හාමිනේද?

:       130       204

amali Tuesday, 21 May 2019 03:33 AM

සිරිමල් ඇයි ඔයාගේ අරයා ලක්ෂයක් දෙනවා කිවුවේ යවන්න කියලා. ඒකයි අපි පොඩ්ඩක් බල බල හිටියේ.

:       68       42

Chandan Tuesday, 21 May 2019 03:44 AM

අද පොහොට්ටුව අය පාසල් වලට ගිහින් එතැන කටයූතු වලට බාධා එල්ල කරනවා. ආරක්ෂක අංශ සහ දෙමව්පියන් ඒවා බලා ගනී. මෙයාලගේ ආරක්ෂකයින් වාහන ආවම මොකද වෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව නැති වෙනවා.

:       16       34

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6122 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site