(ටී.කේ.ජී.කපිල )
 
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(02) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
 මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් බව වාර්තා වේ .
 
 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරණ විශේෂ ගුවන් යානයෙන් 7/02 දින සවස 3.55 ට දකුණු කොරියාවේ සියෝල් නුවර සිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
 ඔවුන් ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .