IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)
                       
හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.
 
අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.
 
එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.
 
එහි පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්,  යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (14)

තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට

sirisena Wednesday, 03 June 2020 07:49 AM

අයියෝ සිරිසේන, මොනවද මේ වෙන්න යන්නේ..? කවුරුත් නැද්ද මේ රටට, විනය සහ නීතිය ගැන දැනුවත් කරන්න හිටන්....

:       1       76

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 08:08 AM

මෙන්න නීතිය වල් වැදුණු අවස්ථාවකට කදිම නිදසුනක්. නිරෝධායන නීති පනවාපු අයම තම ඡන්ද පදනම රැක ගැනීම සඳහා වෙනස් කළා. අවුරුද්දකට, වෙසක් පොසොන් හා අනෙකුත් ජාතීන්ගේ ආගමික කටයුතු වලට ඉඩ නොදුන් රජය තොන්ඩමාන්ගේ අවමඟුලට විශාල රාජ්‍ය අනුග්‍රහයක් දුන්නා. මෙහිදී නිරෝධායන නීතිය අමු අමුවේ උල්ලංඝනය වුණා. වැටත්, නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව...

:       5       225

rihan Wednesday, 03 June 2020 08:26 AM

කළුවරේ ජරමරේ... දෙවියන් වහන්සේ අපේ මව් රට ආරක්ෂා කරත්වා..!!!

:       80       39

BamunuarachchiWednesday, 03 June 2020 01:53 PM

හලෝ..., දෙවියන්ට කියන්න ලෝකෙම කොරෝනා නැති කරන්න කියලා. ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. රට ඝෝඨාභය මහතා ආරක්ෂා කරාවි.

:       124       0

BamunuarachchiThursday, 04 June 2020 02:19 PM

දෙවියෝ රට බේරා ගැනීමත් කොවිඩ් වලින් බේරා ගැනීමත් ඝෝඨාභය මහතාට බාර දීල අත පිහිදා ගත්තා.

:       0       0

bandara Wednesday, 03 June 2020 08:30 AM

දැන් හරිනේ.. පොසිටිව් වුනොත්... කවුද මේවාගේ වගකීම බාර ගන්නේ? ආණ්ඩුව 500%ක් එහි වගකීම බාරගත යුතුයි...

:       0       137

Roshan Wednesday, 03 June 2020 09:13 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා කියාවි...

:       0       49

Gamage Wednesday, 03 June 2020 09:46 AM

වෙසක් නැහැ, රාමසාන් නැහැ, පොසොන් නැහැ, පාස්කු නැහැ, සිංහල අවුරුද්ද නැහැ.. ඒ වුණාට ඡන්ද හිඟන දේශපාලුවන් මේ සියල්ල එපා කියලා තොන්ඩමන්ගේ අවමගුල දවස් 6ක් තියාගත්තා. ඡන්දෙ නිසා රට කනවා. දැන් මේවට වග කියන්නේ කවුද? මහා ලොකු දේවල් කියන්නේ... ඇවිල්ලා මාස 6 ක් වෙනවා... කරපු දෙයක් නම් නැහැ. රට අගාධයෙන් අගාධයට යන්නේ...

:       2       445

C.K.Lankaputhra Wednesday, 03 June 2020 10:40 AM

අවදි වන්න, අවදි වන්න.., මහ හෙනහුරු කෙලියකි..., මේ වෙලා තියෙන්නේ.

:       1       7

ලැවොයිසියර් Wednesday, 03 June 2020 11:10 AM

දැන් ඉතින් PCR පරීක්‍ෂණයට මීටරේ දුර තියාගෙන පෝලිමේ එන්නකෝ..

:       0       13

Saman Wednesday, 03 June 2020 12:10 PM

කෝ අජිත් රෝහණ මහත්තයා..? පේන්න නැහැනේ. මීටරේ දුර නැත්නම් අත් අඩංගුවට ගන්නවා කිව්වා. මම හිතන්නේ එතුමා කීවේ වතුර මීටරේ ගැන වෙන්න ඇති....

:       1       22

SAHAN Wednesday, 03 June 2020 12:11 PM

අජිත් රෝහණට නැති කොන්දක් සෞඛ්‍ය පරීක්ෂකතුමාට තියෙනවා...

:       0       6

de silva Wednesday, 03 June 2020 12:20 PM

තොන්ඩමන්ලා නිතරම එකතුවෙන්නේ දිනපු පැත්තට... සජිත්ගේ ගොඩ වැඩි වුණොත් සජිත්ට සෙට් වේවි .. මහින්ද මහත්මයාගේ ගොඩ වැඩි වුනොත් මහින්ද මහත්මයට සෙට් වේවි... මෙදා සැරේ රනිල් කැඩිලා වෙන්වෙලා රනිල් විරෝධී සිංහලයන් සජිත් දිහා අවධානය යොමු කරනවා.. මුස්ලිම්වරුන්ට සජිත්ට සෙට් වෙනවා හැර වෙන විකල්පයක් මේ අවස්ථවේ නැත. එම නිසා සජිත්ගේ ගොඩ ටිකක් වැඩි වී ඇත. මහින්ද මහත්මයා තම ආරක්ෂකයින් සියගණනක් සහ දේශපාලන සගයන් පිරිවරාගෙන කොරෝනා නීති කඩාගෙන වතුකරේට ගිහින් මේ අවමගුලට සහභාගී වීමෙන් නැවත දෙදරවාගෙන තිබෙන්නේ... රාජපක්ෂවරුන්ට කොන්ක්‍රීට් කළා මෙන් තිබුණා, නාමල් බේබිලා, ජුලම්පිටියේ අමරේලාගේ පිස්සු නැටීම් වලින්, කරුණා වැනි දළදා මාලිගාවට බෝම්බ ගහපු මිනිහෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරක් දීම වැනි වැඩවලින් ඉරිතලා තිබුණා... 2015 සිරිසේන දුන් කුළුගෙඩි පහරින් සුනු විසුනු වී ගිය සහ , ගෝඨාභය මහත්මය විසින් 2019 නැවත බොහොම අමාරුවෙන් පිළිසකර කරගෙන තිබෙන සිංහල ඡන්ද පදනම නැවත ගත්තා... අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ තිබුණු අවමගුලට සහභාගිවෙලා කොළඹට වෙලා සිටියානම් රැවුලත්, කැඳත් යන දෙකම යම් ප්‍රමාණයකට බේරගන්න තිබුණා. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගත නොහැක...

:       0       29

Prabha Wednesday, 03 June 2020 12:45 PM

කණගාටුවෙන් හරි දැන් අහන්න වෙන්නේ දැන් සතුටුද කියලා තමයි...

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 117 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 505 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 360 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 84 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 350 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 256 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site