(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් වැලි ලොරිය තෙඹුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පළ කරමින් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන් සහන් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා එම පොලිස් ස්ථානයටම අනුයුක්ත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඉකුත් 03 වැනි දා සැරයන්වරයාගේ සේවය අත්හිටුවනු ලැබීය. ඔහු දින කිහිපයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප මත මුදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම ඒ පොලිසියේම ස්ථානාධිපති කරන්නයි තිබුනේ
මෙම සාජන් වරයා නොහඳුනන නමුත් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා පෞද්ගලිකව දන්නා කෙනෙක්. ඔහු පගාවට ජරාවට අකමැති නිහතමානි කෙනෙක් ...............
ඔබ වීරයෙකි. ඔබ පවුලට ලක්ෂ 10ක් ප්‍රදානයෙන් ජනාධිපති එය අනුමත කර තිබෙනවා.
සංවේදී ජනාධිපතිතුමාට ජයවේවා
අබුදස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු
එතකොට වැලි ටිපර් එක ?
සැරයන්වරයාගේ සේවය යලි පිහිටුවිය යුතුමය තැනට ජනතාව ඔහුත් සමග සිටියා. ඒ ගැන කිසිම සැකයක් හෝ පුදුමයක් නැහැ. නමුත් පොලිසියේ ස්ථානාධිපතිවරයාට මොකද වෙන්නේ. එතන තමයි ජනතාවගේ සැකය සහ කුතුහලය තිබෙන්නේ.
දැන් ඉතින් ආයුධ සන්නද්ධව පාරේ විරෝධය පලකරාම පොලිසියේ මහතුන්ට මිලියන ගණන් ලැබේවි. වැලි ලොරි තව තව අල්ලන්න.
ලක් ජනතාවගේ ගෞරවනිය ආචාරය.
ලුම්බිණි නීතිය හා අවනීතියත් රාජකාරිය නිවැරදිව අවංකව කලයුතුයි යන්න අමතක කරන්න එපා.
ලුම්බිණි වැනි අය රටටම පිළිලයකි.
අපිවම කන්න බලාගෙන ඉන්නැතුව පොලිස් මහත්වරු ටික හැංගිලා වැලි ලොරියක් ඇල්ලුවම නරකද?
සාජන් මහත්තයෝ දැන් පරිස්සමින් ඔබ සතුරන් ඇතිකර ගත්තා.
පොලිස් ලොක්කාට ලක්ෂ විස්සක් දීලා, අර වැලි ලොරි කාරයාටත් අලුත් අවසර පත්‍රයක් දීම සුදුසුයි!