තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
රිච්ටර් මාපාංක 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු කම්පනයක් හටගෙන ඇති අතර එහි කම්පන කේන්ද්‍රය ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි හබාෂ් ඊ ඔල්යා ගම්මානයේ කිලෝමීටර් 6 ක් පමණ ගැඹුරින් පිහිටා තිබිණි.
ඉරානයේ බටහිර අසර්බයිජාන් පළාතේ 75දෙනකුට පමණ තුවාල සිදුවී ඇති බවත් ගම්මාන 43 කට පමණ කම්පනයෙන් බලපෑම් සිදුවී ඇති බවත් සඳහන් වේ.
මෙම කළාපයේ භූ කම්පන බහුලව සිදුවන අතර 1999 වසරේ තුර්කියේ බටහිර ඉස්මිට් නගරයේ සිදු වූ භූ කම්පනයකින්17,000 ක පමණ පිරිසක් මියගියහ.
1990 වසරේ ඉරානයේ සිදු වූ භූ කම්පනයකින් 40,000 ක් පමණ මියගිය අතර ලක්ෂ පහක පමණ පිරිසක් අවතැන් වූහ.
(බීබිසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කියේ සිදුවූ භූ කම්පනයකින් 9 ක් මරුට