(ඉන්දිකා රාමනායක)
පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි වූ තොරතුරු අනුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් මෙම ස්නයිපර් ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන් වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන් බවය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාද මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කර තිබිණි.
අතිවිශේෂ ගිනිඅවියක් වන ස්නයිපර් අවිය ඉහළ සිට වෙඩි තැබීමට යොදා ගන්නා එකකි. මෙම ගිනිඅවියෙන් මීටර් 500 සිට 1000 දක්වා දුර ප්‍රමාණයක ඉලක්කයට වෙඩි තැබිය හැකි බවත්, මෙය පරිහරණය කළ හැක්කේ විශේෂ පුහුණුවක් ලැබූ ප්‍රගුණ වෙඩික්කරුවකුට පමණක් බවත් යුද හමුදා නිලධාරියක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්
chandra weerasinghe Friday, 28 September 2018 03:01 AM
ත්‍රස්ත විමර්ශනයෙන් ම ත්‍රස්ත වාදීන්ට ආයුධ ලැබෙන කොට අපි කොහේ දුවන්නද?
m.w.n.ranes Monday, 15 October 2018 01:21 AM
ත්‍රස්ත විමර්සන ඒකකය කියන්නේ විශේෂ තැනක් ඇත්තටම කොහොමද මේවා ඇතුලේ තියෙන බඩු උස්සන්නේ. නිකම් ම නිකන් මිනුස්සු වෙන්න බෑ නේද. අනේ මන්දා.?