තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2814 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (30) මේ වන විට ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු අද (30) පුර්ණ සුවය ලබා  පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 470 කි.

මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2333 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.