IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තමන් ඉලක්ක කළ වෙඩි තැබීමක් බව මහාධිකරණ විනිසුරු කියයි

 
(තරිඳු ජයවර්ධන සහ වවුනියාව සිතුම් චතුරංග)
අද සවස 5.00 ට පමණ යාපනය නල්ලූර් කෝවිල පසුපස මාර්ගයේදී කළ වෙඩිතැබීම තමන් ඉලක්ක කරගත් සිදුවීමක් බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා කියයි. වෙඩි තැබීම නිසා තුවාල ලත් ආරක්‍ෂක නිලධාරියාගේ සුවදුක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා උතුරේ මාධ්‍යව්දීන් අමතා එසේ ප්‍රකාශ කර තිබේ. 
මෙම වෙඩිතැබීම හේතුවෙන් පොලිස් කොස්තාපල් විමලසූරිය සහ පොලිස් සැරයන් හේමචන්ද්‍ර යන අය රෝහල් ගතකර තිබේ. පොලිස් සැරයන් හේමචන්ද්‍රගේ උදරයට වෙඩි වැදී තිබෙන අතර කොස්තාපල් විමලසූරියගේ අතට වෙඩි වැදී තිබේ. 
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා අද සවස සිය නිවසට යද්දී ඇතිවූ මාර්ග අවහිරතාවක් හේතුවෙන් යතුරු පැදියෙන් බැසගත් ආරක්‍ෂක නිලධාරී සැරයන් හේමචන්ද්‍ර මාර්ගය සකසා ගත්තේය. එම අවස්ථාවේදී මාර්ගයේ සිටි පුද්ගලයකු සහ සැරයන් අතර ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් එම තැනැත්තා සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුව ඇත. අනතුරුව සැරයන්ගේ පිස්තෝලය උදුරා ගැනීමට යාමේදී සැරයන් වරයාගේ උදරයට වෙඩි වැදී ඇතැයි යාපනය පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය. 



අදහස් (5)

තමන් ඉලක්ක කළ වෙඩි තැබීමක් බව මහාධිකරණ විනිසුරු කියයි

de silva Saturday, 22 July 2017 07:11 PM

යුධ පුහුණුව ලබපු කොටි යාපනේ ඉන්නවා , පොලසියේ අවි උදුරාගෙන පොලිසියටම වෙඩි තියන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ , සහජීවන කතා පැත්තකට දමල උතුරේ ආරක්ෂාව තර කරන්න

:       0       0

Tharanga Sunday, 23 July 2017 03:25 AM

දොරේ අප්පා මහතාට වෙඩි තිබ්බේ මොකටද? මේකත් ඒවගේ වෙන්න පුළුවන්.

:       0       0

kumar (galf) Sunday, 23 July 2017 07:49 AM

කොටි නිදි නෑ, බුද්ධි අංශ අවදියෙන් ඉන්න.

:       0       0

Hafeel Sunday, 23 July 2017 08:33 AM

මේ සිද්ධිය දිහා බැලුවොත් මෙම පොලිස් නිලධාරියාට වෙඩි තියන්න සිද්ධ වෙනවා. එසේ වෙඩි තිබ්බොත් මෙම නිලධාරීන්ට සිදුවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා දිගටම සිරගත වෙලා ඉන්නයි. පසුගිය දවස්වල උතුරේ සිදුවූයේ මේවායි. අවසානයේ මෙම පොලිස් නිලධාරියාට තමන්ගේ ජීවිතයත් පූජා කරන්න වුණ එක ඉතා කණගාටුයි.

:       0       0

Hafeel Sunday, 23 July 2017 08:41 AM

තවදුරටත් විග්නේෂ්වරම්, සිවාජිලංගම් වගේ මහත්වරුන් හුරතල් කළොත් හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 423 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16815 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site