IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී  ස්කන්ධරාජා මහත්මිය ගොනු කළ එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය  කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබේ.

පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්  නොමැති බව දන්වා සිටියේය.

ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය.



අදහස් (10)

ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

Shahiwal Wednesday, 16 September 2020 06:26 AM

ලංකාවේ නීතිය දැන් රබර් වගේ

:       973       1243

විජේ Thursday, 17 September 2020 12:26 AM

ඉස්සෙල්ලා මේක කියවලා එන්න..

:       0       1

නෙවිල් Wednesday, 16 September 2020 06:34 AM

පොලිස් නිලධාරීන් මෙම පැමිණිල්ලෙන් ඉවත් කිරීමෙන් පේනවා මෙම නඩුව පවරා තිබෙන්නේ මොන යටි අරමුණකින්ද කියන එක.

:       305       1339

raveen Wednesday, 16 September 2020 07:13 AM

උසාවිවල වගකියයුත්තන් අස්වෙලා ගියාම හෝ නිවාඩු ගියාම උසාවිවල රාජකාරි කටයුතු අඩපන විය යුතුද.?

:       35       155

AsokaFriday, 18 September 2020 03:41 AM

නීතිය හරිහැටි නොකරන මේ වගේ විනාශ කරුවන් පත් කරන්න එපා.. නීතිය හරි හැටි නොදන්න විනිසුරුවන් නිසා නීතිය බල්ලට යනවා.

:       0       0

Champa Wednesday, 16 September 2020 10:52 AM

අභියාචනාධිකරණය මේ නඩුව පටන් ගන්නත් ඉස්සෙල්ල පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. තුන් දෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාල නඩුව අහන්න යනකොට පැමිණිලිකාරයා, හිටිහැටියේ දෙන්නෙක් නිදහස් කරන්න කියනවා. උසාවිය කිසි කතාවක් නැතුව ඔවුන්ව නිදහස් කරනවා. පැහැදිලිවම මේ නඩුව ද්වේශ සහගතව දාපු නඩුවක්. අනිත් එක මේකෙන්ම කියන්න පුළුවන් නඩු තීන්දුව මොකක්ද කියලා. හාමුදුරුවන්ව වැරදිකාරයා කරන්න වේලාසනම තීරණය කරලා තියෙනව. ඒ හින්ද පොලිස් නිලධාරීන් දෙන්නව හේතුවක් නැතුව පැමිණිල්ල විසින්ම නිදහස් කර ගන්නවා. එතනම හාමුදුරුවන්ට අගතියක් වෙලා තියෙනවා.

:       0       100

විජේ Thursday, 17 September 2020 12:32 AM

ගලගොඩ අත්තේ හාමුදුරුවෝත් අනිත් හාමුදුරුවන්ට වඩා ටිකක් සිංහල, බුද්ධාගම පැත්තට වැඩියි. එහෙම අය හිටිය නිසා තමයි අදටත් මේ විදිහට මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ. පේනවනේ යන ගේම්, සෝම හාමුදුරුවන්ට වුණු දේමයි අනිත් අයටත් වෙන්නේ.

:       0       7

Rata Perata Thursday, 17 September 2020 06:16 AM

අපේ නායකතුමා නඩු වලදී දාපු සෙල්ලම් ආයෙත් පටන් අරගෙන වගේ. ඔහොම යන්.

:       0       0

BamunuarachchiThursday, 17 September 2020 01:39 PM

ඒ කියන්නේ ඔහෙලගේ කාලේ රංජන් දාපු සෙල්ලම් වලට වඩා සෙල්ලම් තිබෙනවාද?

:       0       0

BamunuarachchiFriday, 18 September 2020 01:27 PM

ඔව් විජයකලා දාපු සෙල්ලම් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site