(නිමල කොඩිතුවක්කු)
දිනපතා දිවයින පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘවරයකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ග‍්‍රන්ථ කතුවරයකු වූ මෙරිල් පෙරේරා මහතා අද(3) අභාවප‍්‍රාප්ත විය.
මෙරිල් පෙරේරා මහතා මිය යනවිට 73 වන වියේ පසු විය.
1965 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු ලෙස සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ මෙරිල් පෙරේරා මහතා ලේක්හවුස් ආයතනයේ ජනතා සහ දිනමිණ පුවත්පත්වලත් ස්වාධීන පුවත්පත් සමාගමෙන් පලකළ දවස පුවත්පතේත් සේවය කළේය.
1981 වසරේදී දිවයින පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස එක් වූ ඔහු එහි ප‍්‍රධාන උප කර්තෘ ධුරයටත් පසුව දිවයින දිනපතා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ධුරයටත් පත්විය. අනතුරුව ඔහු එහි උපදේශක කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.
දිවයිනේ විසි වසක්, ආයුබෝවන් ආමර්වීදිය, පැණි වළලූ, අතිරස, ආදරණීය තාත්තා යන ජනප‍්‍රිය කෘති රැසක් මෙරිල් පෙරේරා මහතා විසින් රචනා කරනු ලැබ ඇත.
දේහය පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙණ ඉදිරිපිට පිහිටි අංක 203 දරන නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබ`ද අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේදී අනිද්දා(5) සවස 3.00 ට සිදුකෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා සමුගනී
ආරියපාල හේවගේ Tuesday, 03 September 2019 03:12 PM
ඔබට නිවන් සුව...!!!