විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (5) පැවැත්විණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තකට තක වගේ ජෝඩුව නම්...
අත්දෙක බැඳගෙන කතාකරන මිනිස්සු විශ්වාස කරන්න බැහැ.
මේ දේපල රටට යහපත් අවංක තීරණයක් ගනී යයි සිතමි .......
නුඹලාට ලබන සැරේ ඡන්දය දේවි බලාගෙන ඉන්න
මඩ ගහන්න උත්සාහ නොකර හොඳ දේ දකින්න
ඔක්කොටම වැඩිය හොඳයි විපක්ෂ නායකයා අගමැති කරොත්
අනුර කුමාරගේ ප්‍රතිපත්තිය මොකද්ද?
තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න හදන්නේ.
ව්‍යවස්ථාවේ තටු කපලා 19 වෙනි සංසෝදනය ගෙනාවේ ඔය පුටුවේ වාඩිවෙන කෙනාට ඕන ඕන විදියට පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්න නෙමෙයි. ඔබතුමාලට ජය.
රට හදන්නද? කඩන්නද?
ජවිපෙ පක්ෂයේ අවසානය. බොහොම දුකයි.
එකම ප්‍රතිපත්ති තියෙන පක්ෂ
රටේ ජනතා සර්වජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට පත් වූ දේසපාලන පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට තමන්ට ඡන්දය දුන් ජනතාවත් රටේ සමස්ත ජනතාවත් වෙනුවෙන් සාධාරණ අයිතියක් තිබෙනවා කවුරුන් හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නේ නම් එයට විරුද්ධ වීමට මන්ද ඔවුන් පත් කලේද ඔවුන්ට පඩි ගෙවන්නේද මහජනතාවයි. මේ අවස්ථාවේ පුද්ගලවාදී නොවී රට අස්ථාවර භාවයෙන් මුදවාගෙන අවිනීත දේශපාලකයන්ගේ රාජ්‍ය විරෝදී කටයුතු නැවතීමට උරදීම ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව මුළු විපක්ෂයේම වගකීමක්.
අපේ රටේ මිනිස්සුන්ගේ පටු දේශපාලන දැක්ම නිසා තමයි අපේ රටට හරි දේශපාලන ගමනක් යන්න බැරි මොන පක්ෂෙන් හරි කමක් නැහැ රටට හොද දෙයක් යමෙක් කරන්න යම් උත්සහයක් දරනවානම් රටට ආදරේ මිනිස්සු හැටියට ඉඩ දෙන්න ඕනේ හනික සාකච්ඡා නොකර කෙනෙක්ගේ අදහස් දැනගන්නේ කොහොමද අනික හොරට කරනවා නෙවෙයිනේ අවස්ථාවේ හැටියට කෙරෙන්න ඕනේ දෙයක් අපේ මිනිස්සු මොන දේ කලත් පාට කන්නාඩි වලින් බලන එක දන්නා හන්ද තමයි එම වාසිය අරගෙන දේශපාලකයොත් අපිව ගොනාට අන්දලා උන්ගේ වැඩ කරගන්නේ අනිත් රටවල් එහෙම නැහැ කව්රු කලත් වැරදි දේ වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ දියුණුවේ ප්‍රධාන රහස ඒකයි. මොකද අපේ මිනිස්සු තමයි දේශපාලකයෝ කරන හැම බලු වැඩක්ම රකින්නේ....... ඔය වැඩේ නවත්වන කල් උන් දිනුන් අපි හැමදාම එකතැන.......
රජයේ ආයතන ගිනිබත්කරපු ,ලංගම බස් ගිනිතියපු ,මිනීමරපු ,මුළු රටම ලේ විලක් කරපු ඔයාල දෙවෙනි වෙන්නේ කොටියන්ට පමණි . දැනවත් ගම වලට ගිහිල්ල හේනක් කුඹුරක් කොටාගෙන ජීවත් වන්න .