(නිමල කොඩිතුවක්කු)
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% ත් 15% ත් අතර අගයක් ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් තාප විදුලි බලාගාරවලින් වැඩි විදුලිය උත්පාදනයක් කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ත ජල මට්ටම 21.7%ක් දක්වා පහත බැසීම හේතුවෙන් ජල විදුලිය උත්පාදනය පහළ මට්ටමක් ගෙන ඇති බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
වසර තිහකට පසු ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම මෙතරම් පහළ මට්ටමකට පත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළ ජයවර්ධන මහතා මෙයට පෙර අවම ජල මට්ටම වාර්ථා වූ 2017 වසරේදී ජල මට්ටම 27% ක් පැවති බවත් සඳහන් කළේය.
ජල විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 26.5% ක් ලෙසත්, මාවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම 26.2%ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9%ක් ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 12.8% ක් ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 33.7%ක් ලෙසත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 16.2%ක් ලෙසත් පහත බැස ඇතැයි ඔහු සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 47 කට ආසන්න වී තිබේ.
ඉන් 80% , 85% පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනෙන අතර තවත් 5%ත් 6%ත් අතර ප‍්‍රමාණයක් සුළං සහ සූර්ය බලාගාරවලින් සපුරාගැනෙන බව සුලක්ෂන ජයවර්ධන මහතා පැවැසීය.
පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වනතෙක් අඛණ්ඩව පැවතියහොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහත බැස දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
විද්වත් අදහස් නොතකන, නිලධාරින් සහ දේශපාලකයින් ඉංජිනේරුවන් විසින් ගත යුතු තීරණ ගන්න, මෝඩ පාලකයෝ ඉන්න රටක් මේක. මෝසම් වැසිදෙකට සහ ජල විදුලියට දතනියවාගෙන ඉන්නකොට වැස්ස අඩුවෙන බව, ඒ හින්ද 2019 විදුලි අර්බුදයක් එන බව, ඒ හින්ද අලුත් ජනන සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න කියල කියපු දේවල් බීරි අලින්ට වීනා ගැයුවා වගේ වුනා දැන් ඉතින් තාප විදුලිය වැඩි මිලට ගන්න කොට වෙන දේවල් රහසක් නෙමි නෙව " පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට ".......
තව අක්කර දාහක් දෙදාහක් ගස් කැපුවනම් හරි.
ජලාශ වල ජාල මට්ටම මෙහෙමත් අඩු වෙන්න වෙනත් හේතුවක් තියෙන්න බැරිද? මෙහෙමත් වාෂ්ප වෙනවා නම් දෙයියනේ ඉතින් සාගරෙත් යම් තරමකට හිදෙන්න එපයිද ? අර පාවෙන බලගාරෙන් විදුලිය ගන්න හිඟයක් මවා පෑමේ රංගනයේ කොටසක් වෙන්න බැරිද ? තමන්ගේ කුට්ටිය උදෙසා ඕනෑම සක්කිලි වැඩක් කරන දේශපාලුවෝ රැලක් ඉන්නකොට එහෙම දේවල් නොවෙන්නේ නැහැ .. ජර්මනිය වගේ වසරෙන් කෙටි කාලයක් ඉර එලිය ලැබෙන රටවල් පවා සුර්ය බලශක්තිය උපරිමයෙන් භාවිතා කරන්නත් එයින් ජනතාවගේ විදුලි බිල අඩු කරන්නත් කරයුතු කරද්දී .. ඝර්ම කලාපික රටක් වෙච්චි අපි සුර්ය බල පද්ධති වලට අනුමැතිය දෙන එකත් අත් හිටවලා .. කාගේ උවමනාවට කාගේ යහපතට ද ??? රට දියුණු වෙනවා කියා ඔබ හිතනවද?