(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නැගෙනහිර කොළඹ ජල ව්‍යාපෘතියේදී කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 22ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ‘කෝප් කමිටුව‘ හමුවේ අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ෂනයක් කර ඊට වගකිව යුතු නිලධාරීන් කවුදැයි සොයාබලා දැනුම් දෙන්නැයිද කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
කොන්ත්‍රාත්කරුවකු සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමකට අනුව බේරුම්කරණ ක්‍රියාවලියේදී නිසි සිද්ධාන්ත අනුගමනය නොකිරීමෙන් මෙම පාඩුව සිදුවූ බව ද හෙළි වූ අතර තවත් මෙවැනි පාඩු සිදුව ඇත්දැයි බැලීම සඳහා වසර හයක බේරුම්කරණ නඩුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද කෝප් කමිටුව ජල සම්පාදන මණ්ඩල ලේකම්වරයාට දැන්වීය.
ඊට අමතරව ජල ව්‍යාපෘති කිහිපයකටම අවශ්‍ය නල ගෙන්වීමේදී අවශ්‍ය ප්‍රමාණය මෙන් කිහිපගුණයක් නල ගෙන්වා ඒවා වරායේ ගබඩා කර තැබීමටද රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා ඇති බව මෙහිදී හෙළිවිය.
කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම තොරතුරු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ජල ඇමතිතුමා...?
හොරු අල්ලන්න ආපු කම්බ හොරුන්ගේ තත්වය... තවමත් ඉන්නවනේ ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ මේ කම්බහොරු රෑනට ඡන්දේ දෙන...
කොහොමත් රජයේ වැඩ මෙහෙම තමයි. හැමතැනකම මහජන මුදල් අවභාවිතය සහ නාස්තිය.. මේවාගැන හොයලා වැරැදිකාරයින්ට දඬුවම් දෙන්න. ඒ මුදල් අයකරගන්න කවුරුවත් නැහැ. කෝප් එකේ දෙන නිර්දේශත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. රට වලපල්ලට යන එක පුදුමයක් නොවේ.
ඊට පස්සේ එම මුදල ගෙවන්නත් ඕනේ වතුර බිලෙන් නේද? වතුර සැපයුම් මිල අදිකයි කියලා සුත්තරයක් දමලා අපිමෙන්ම තමා අය කරගන්නේ . සියලු අත්‍යවශ්‍ය පොදු සැපයුම් වෙනුවෙන් අයකරන මුදල් පිලිබඳ විශේෂිත විගණනයක් කරන්න. ඔක්කොම කම්බා හොරු ටික එලියට එයි.
හැබැයි ඇමතියෝ වතුර බිලනම් වැඩිකරන්න ලැහැස්ති වෙන්න එපා.
මේ ඡන්දෙදීවත් මේ දෙගොල්ලන්ටම නැතිව පිටස්තරයෙකුට දුන්නොත් තමයි අපිට ගොඩයන්න පුළුවන් වෙන්නේ...
කරුණාකර දින වකවානු, කවුද හිටපු හෝ ඉන්න ඇමතිගේ නම ආදියත් විස්තර කරන්න.
ලංකාවේ හොඳ ඉංජිනේරුවෝ නැද්ද? එහෙම නැතිනම් හොරු රංචුවක් බලය අල්ලගෙනද? අනේ ඔය මොන කොමිටියට පැමිණිලි කළත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. කොන්ත්‍රාත්කාරයා නම් අවසාන චෙක්පත අරගෙන සිනාමුසු මුහුණින් බැංකුවට යන්න ඇති. ඊට දින කිහිපයකට පසු සල්ලි මිටියක් අරගෙන සුවිසල් මන්දිරයක වසන මිතුරෙක් හමුවෙන්නත් යන්න ඇති...
ඔහොම ගැහිලි අතීතයේත් සිදු කෙරුනා නමුත් එදා ඒවා රටට කාන්දු වීමට දේසපාලන බලවතුන් ඉඩදුන්නේ නැහැ . අද මෙහෙම කරලා කියලා රටට හෙලිවීමක් හරි සිද්ධ වෙනවා නමුත් පවතින මඩගොහොරු නීතිය නිසා දුෂකයන් දැලෙන් රිංගා යනවා .කෙසේ වෙතත් මෙවැනි දුෂණ වර්තමානයේත් සිදුවෙනවා අනාගතයේත් සිදුවෙන නිසා ජනතාවට උරුමවෙන්නේ පැතිමාරුවෙනකොට පෝලිම් වල තැපලා චන්දෙ දීලා හොරුටික බලයට පත්කරවා උන්ටම කන්න ඉඩදීලා දෙන දේ කාලා ඊළඟ පැතිමාරුවට ලෑස්ති වීම පමණයි .