IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජලය ඇති ග්‍රහලෝකයක් ප්‍රථම වරට සොයා ගනී

සෞරග්‍රහ මණ්ඩලයට  ඔබ්බෙන් පවතින ග්‍රහලෝකයක් වායුගෝලයේ ජලය පවතින බව  ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන ඇත.

හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින් මෙම නිගමනයට එළඹී තිබේ.

තාරකාවක් වටා කක්ෂ ගතවී ඇති  K2-18b ලෙස නම්  කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන බව විද්‍යාඥයෝ පවසති.

විශාලත්වයෙන් පෘථිවිය හා නෙප්චූන් ග්‍රහලෝකවල විශාලත්වය අතර පවතින සුපිරි පෘථිවි සිය ගණනක් අතරින් එක් ග්‍රහලෝකයක් ලෙස මෙය හඳුනාගෙන ඇත.

මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ජීවය පැවතිය හැකි බවට සාක්ෂියක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. 

(රොයිටර්ස් ඇසුරෙනි)

-226-

 



අදහස් (7)

ජලය ඇති ග්‍රහලෝකයක් ප්‍රථම වරට සොයා ගනී

කොණ්ඩ කැවුමා Thursday, 12 September 2019 06:28 AM

ඉක්මනට හොයලා බලනවද ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියේද කියලා. එහෙටවත් පැන ගන්න.

:       1       4

Mahee Thursday, 12 September 2019 06:30 AM

යකෝ, ඔන්න වෙලාව. ලෝකයේ (ඒ කියන්නේ ඔය අලුත් ලෝකයේ) පැරණිතම පක්ෂය කියන්න පුළුවන් වෙනවා දැන්මම එහෙ ගියා නම්. හෙන නම්බුවනේ..! අනේ අපේ 225ත් එක්ක සියලුම පක්ෂ නායකයෝ ඒ ගැන හිතලා අප කෙරෙහි අනුකම්පා කරලා එහෙ යන්නකෝ අනේ, ප්ලීස්...

:       0       0

Cisco Thursday, 12 September 2019 06:45 AM

බුදුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. දිවයින් හතරක් ගැන. බුදුන් උපන් මේ පෘථිවිය ජන්බුද්වීපය වන අතර එහි සඳහන් අනෙක් දිවයින් වන උතුරුකුරු දිවයනද? පුර්ව විදේහයද? මේ...

:       0       0

chandrika Thursday, 12 September 2019 07:05 AM

අහන්නත් සන්තෝෂ කතාවක්...

:       0       0

Aris Thursday, 12 September 2019 07:23 AM

ජලය විතරක් මදි. ඔක්සිජන් වායුව තියනවද? උෂ්ණත්වය කොහොමද කියලා සොයා බැලුවා නම් මිනිස්සු ගිහින් පදිංචි කරවන්න පුළුවන් වේවි. ඇමෙරිකාව එක්ක එකතුවෙලා යන්න කැමති ලාංකිකයන් ඉන්නවද?

:       0       0

Hesha Thursday, 12 September 2019 09:21 AM

බුදුන් වහන්සේ ඔය බව මීට වසර 2500කට පෙර මනාකොට දේශනා කර ඇත. විශ්වයේ මෙවැනි තැන් අපමණයි.

:       0       18

Bamunuarachchi Saturday, 14 September 2019 05:52 AM

යන්තම් ඇති අපේ ජාල ප්‍රශ්නයට විසඳුමක් කියලා මීටින් වල කියාවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 908 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 999 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site