කොරෝනා රෝගීන්ට අවශ්‍ය කෙරෙන ලොවටම හිඟවී ඇති කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) මූලික ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් ඇති ආකෘතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ‘මැකාට්‍රෝනික්ස් ඉංජිනියරින්’ අධ්‍යයන අංශයේ පී.ඩී.එස්. අශාන් සිසුවා සමත්ව සිටී.
මෙය රෝගියකු සඳහා තවමත් භාවිත කළ නොහැකි අතර පරීක්ෂණ මට්ටමේ පවතී.
රෝගියකු සඳහා මෙය භාවිත කිරීමට තවදුරටත් සංවර්ධනය කළ යුතුව ඇත.
කඩිනමින් එම සංවර්ධන කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අශාන් සිසුවා කීය.
මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘මැකාට්‍රෝනික්ස් ඉංජිනියරින්’ අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සහාය හිමිවන අතර එම අංශයේ අනෙකුත් සිසු පිරිස ද මේ කර්තව්‍යයට එක්ව සිටිති.
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය ලොව තැති ගැන්මකට ලක්කර ඇත.
රටවල් රැසක් වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා වසා දමා ඇති අතර ලොවම නැවැතී ඇත. කොරෝනා වයිරසය මේ වනවිට ලොව රටවල් හා පරිපාලන ප්‍රදේශ 202කට අධික ගණනකට ව්‍යාප්තවී ඇත. ඊයේ පස්වරු වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 124,686ක් ලෙස වාර්තා විය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොවපුරා වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් නිර්මාණයවී ඇත. අත්වැසුම්, මුඛ ආවරණ, පෞද්ගලික ආරක්ෂණ මෙවලම්, පරීක්ෂණ කට්ටල යනාදියේ දැවැන්ත හිඟයක් නිර්මාණයවී තිබේ. මේ තත්ත්වය ලොවපුරා දක්නට ලැබේ.
කොරෝනා වයිරසය පෙනහලුවලට බලපාන රෝගයක් වන අතර දරුණුම අවස්ථාවලදී ඉන් සිදුවිය හැකි හානිය ඉතා විශාලය. කොරෝනා රෝගීන්ට ස්වසන ආධාර කිරීම සඳහා අවශ්‍ය කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) දැඩි හිඟයක් ඇතිවී තිබේ. මේ හිඟය මෙරටට පමණක් නොව ලොව විශාලතම ආර්ථිකය හිමි ලෝක බලවතා වන ඇමෙරිකාවට ද දැනී තිබේ. මේ තත්ත්වය මත කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) යන්ත්‍ර නිෂ්පාදනය කරන්නැයි කොරියානු යුද සමයේදී ක්‍රියාත්මක කෙරුණු පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කළේය.
055






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර් ඩි නෝ වලටත් නිර්මාපකයාටත් ජය !
ජාතියේ උත්තමාචාරය ... පුතණුවනි, ඔබට...
ජයවේවා ළමයිනේ.. මේක තමයි වෙන්න ඕන... අපි සැවොම අපිට හැකි විදියට අපේ දායකත්වය දුන්නොත් රටක් විදියට අපි දිනුම්...
මෙය වැඩිදියුණු කර අඩුම අපේ ලක් ජාතියට හැකි පමණින් දියුණු කර ගැනීමට හැකිවේවා !
පුතේ ඔබගේ උත්සාහය සාර්ථක වේවා !!! උපන් රට වැටි තිබෙන අවදානම් තත්වයෙන් බේරීමට කෙසේ හෝ ඔබටත් දායකවීමට හැකිවීම අප අගය කරන්නෙමු. " මෙම ව්‍යවසනය රටේ නිර්මාණකරුවන්ට ආශිර්වාදයක් ලෙස පෙනෙන්නේ නම් " (එමගින් ස්වයන් නිර්මාණවලට මොවුන් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.) අප රටේ අනාගතය සුබවෙනු නියතය. " අන්තරේ ඉන්නා අයටද කලුකුමාරයා ඇතුළු ගොන් නඩේ ලබා දෙන " දිරච්ච ලණු අනුභව කිරීමෙන් වැළකී තමන් උපන් රටට වැඩදායි යමක් කිරීමට නූගත් මොළවලට ඥානය පහළ වේවා යන්න අපගේ පැතුමයි.
ඔබගේ මහන්සිය, සොයාගැනීම ඉතා ඉහළින් අගය කරමි. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී එහි අගය නිම කළ නොහැකියි. විශේෂයෙන්ම ඔබ වැනි කෙනෙක් එය කිරීම එහි අගය වැඩිවීමට තවත් හේතු වෙනවා. මෙය අනිකුත් දෙනාටත් උත්තේජනයක් වගේම උනන්දුවක් ඇතිකරාවී. කෙසේ හෝ මෙය නිෂ්පදනය කොට ලබාදීමට කටයුතු කරන්න. මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම මෙය විශාල ආඩම්බරයක්. ඔබ සහ ඔබගේ කණ්ඩායමට මගේ උණුසුම් සුබපැතුම්...!!!
සන්තෝෂයි ජයවේව....