IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජපුර සිසුවකුගෙන් ‘වෙන්ටිලේටර්’ ආකෘතියක්

කොරෝනා රෝගීන්ට අවශ්‍ය කෙරෙන ලොවටම හිඟවී ඇති කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) මූලික ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් ඇති ආකෘතියක් නිර්මාණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ‘මැකාට්‍රෝනික්ස් ඉංජිනියරින්’ අධ්‍යයන අංශයේ පී.ඩී.එස්. අශාන් සිසුවා සමත්ව සිටී.

මෙය රෝගියකු සඳහා තවමත් භාවිත කළ නොහැකි අතර පරීක්ෂණ මට්ටමේ පවතී. 

රෝගියකු සඳහා මෙය භාවිත කිරීමට තවදුරටත් සංවර්ධනය කළ යුතුව ඇත. 

කඩිනමින් එම සංවර්ධන කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අශාන් සිසුවා කීය.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘මැකාට්‍රෝනික්ස් ඉංජිනියරින්’ අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සහාය හිමිවන අතර එම අංශයේ අනෙකුත් සිසු පිරිස ද මේ කර්තව්‍යයට එක්ව සිටිති.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය ලොව තැති ගැන්මකට ලක්කර ඇත. 

රටවල් රැසක් වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා වසා දමා ඇති අතර ලොවම නැවැතී ඇත. කොරෝනා වයිරසය මේ වනවිට ලොව රටවල් හා පරිපාලන ප්‍රදේශ 202කට අධික ගණනකට ව්‍යාප්තවී ඇත. ඊයේ පස්වරු වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 124,686ක් ලෙස වාර්තා විය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොවපුරා වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් නිර්මාණයවී ඇත. අත්වැසුම්, මුඛ ආවරණ, පෞද්ගලික ආරක්ෂණ මෙවලම්, පරීක්ෂණ කට්ටල යනාදියේ දැවැන්ත හිඟයක් නිර්මාණයවී තිබේ. මේ තත්ත්වය ලොවපුරා දක්නට ලැබේ.

කොරෝනා වයිරසය පෙනහලුවලට බලපාන රෝගයක් වන අතර දරුණුම අවස්ථාවලදී ඉන් සිදුවිය හැකි හානිය ඉතා විශාලය. කොරෝනා රෝගීන්ට ස්වසන ආධාර කිරීම සඳහා අවශ්‍ය කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) දැඩි හිඟයක් ඇතිවී තිබේ. මේ හිඟය මෙරටට පමණක් නොව ලොව විශාලතම ආර්ථිකය හිමි ලෝක බලවතා වන ඇමෙරිකාවට ද දැනී තිබේ. මේ තත්ත්වය මත කෘත්‍රිම ස්වසන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) යන්ත්‍ර නිෂ්පාදනය කරන්නැයි කොරියානු යුද සමයේදී ක්‍රියාත්මක කෙරුණු පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කළේය.

055



අදහස් (7)

ජපුර සිසුවකුගෙන් ‘වෙන්ටිලේටර්’ ආකෘතියක්

jayath Monday, 30 March 2020 02:19 AM

ආර් ඩි නෝ වලටත් නිර්මාපකයාටත් ජය !

:       0       0

kodi Monday, 30 March 2020 03:09 AM

ජාතියේ උත්තමාචාරය ... පුතණුවනි, ඔබට...

:       0       0

Pradeep Monday, 30 March 2020 03:19 AM

ජයවේවා ළමයිනේ.. මේක තමයි වෙන්න ඕන... අපි සැවොම අපිට හැකි විදියට අපේ දායකත්වය දුන්නොත් රටක් විදියට අපි දිනුම්...

:       0       0

Amula Monday, 30 March 2020 03:42 AM

මෙය වැඩිදියුණු කර අඩුම අපේ ලක් ජාතියට හැකි පමණින් දියුණු කර ගැනීමට හැකිවේවා !

:       0       8

Raveendra Monday, 30 March 2020 04:09 AM

පුතේ ඔබගේ උත්සාහය සාර්ථක වේවා !!! උපන් රට වැටි තිබෙන අවදානම් තත්වයෙන් බේරීමට කෙසේ හෝ ඔබටත් දායකවීමට හැකිවීම අප අගය කරන්නෙමු. " මෙම ව්‍යවසනය රටේ නිර්මාණකරුවන්ට ආශිර්වාදයක් ලෙස පෙනෙන්නේ නම් " (එමගින් ස්වයන් නිර්මාණවලට මොවුන් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.) අප රටේ අනාගතය සුබවෙනු නියතය. " අන්තරේ ඉන්නා අයටද කලුකුමාරයා ඇතුළු ගොන් නඩේ ලබා දෙන " දිරච්ච ලණු අනුභව කිරීමෙන් වැළකී තමන් උපන් රටට වැඩදායි යමක් කිරීමට නූගත් මොළවලට ඥානය පහළ වේවා යන්න අපගේ පැතුමයි.

:       0       0

Nelson Monday, 30 March 2020 04:36 AM

ඔබගේ මහන්සිය, සොයාගැනීම ඉතා ඉහළින් අගය කරමි. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී එහි අගය නිම කළ නොහැකියි. විශේෂයෙන්ම ඔබ වැනි කෙනෙක් එය කිරීම එහි අගය වැඩිවීමට තවත් හේතු වෙනවා. මෙය අනිකුත් දෙනාටත් උත්තේජනයක් වගේම උනන්දුවක් ඇතිකරාවී. කෙසේ හෝ මෙය නිෂ්පදනය කොට ලබාදීමට කටයුතු කරන්න. මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම මෙය විශාල ආඩම්බරයක්. ඔබ සහ ඔබගේ කණ්ඩායමට මගේ උණුසුම් සුබපැතුම්...!!! 

:       0       0

jagath Monday, 30 March 2020 05:41 AM

සන්තෝෂයි ජයවේව....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26621 29

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18164 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10870 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 615 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 180 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site