IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්

(ඉන්දිකා රාමනායක)
 
ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි හා සමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
 
ආරක්ෂක රාජකාරි  කටයුතු, රථවාහන රාජකාරි කටයුතු, පොලිස් නිලධාරීන්ගේ සුභ සාධන කටයුතු සොයා බැලීම්,  ප‍්‍රභූ ආරක්ෂක සේවා, හදිසි  ඇමතුම්, අධිකරණ කටයුතු, බුද්ධි   නිලධාරීන්, මැතිවරණ පැමිණි, විමර්ශන ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම පිරිස යොදවා  ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මෙම පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් ද යොදවා ඇති බව  රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
  
පොලිස් මුලස්ථානයේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
 
ජනාධිපති මැතිවරණයට අදාලව ඡන්ද පොළ මධ්‍යස්ථාන  12856 ක්   සඳහා නිලධාරීන් 25712 වශයෙන්ද, ජංගම සංචාර 3043 වෙනුවෙන් 6086 දෙනෙක් ද, ගණන්  කිරීමේ මධ්‍යස්ථාන 43 ක් වෙනුවෙන්  පොලිස් නිලධාරීන් 2193 දෙනක් ද, මර්දන කණ්ඩායම්  සඳහා   නිලධාරීන් 1233 දෙනකුද,  මාර්ග බාධක 190 වෙනුවෙන් 1687 ද වශයෙන් මෙම පිරිස යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මෙම විශේෂ මාර්ග බාධක  190 වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1687 දෙනකු හා සිවිල් ආරක්ෂක බලකායේ 190 දෙනකු යෙදාවා ඇති බවද ස`දහන් වේ.
 
එම විශේෂ මාර්ග බාධකයක්  වෙනුවෙන් පරීක්ෂණ ශ්‍රේණියේ  නිලධාරියකු,  පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන්  සිව්දෙනකු  හා සිවිල් ආරක්ෂක  බලකායේ දෙදෙනකු   වශයෙන්  යොදවා ඇති ඒ මහතා සඳහන් කරයි.



අදහස් (0)

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site