(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමය සැකසීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් වෙත පවරනු ලැබිණි.
ඉහත කණ්ඩායම විසින් ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කරන උපක්‍රම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසුරිය මහත්වරුන්ගේ අදහස් ලබාගැනීම සඳහා මෙම සති අන්තයේදීම යොමු කිරීමට නියමිතය. මෙම උපක්‍රමය මේ සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට නියමිතය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය සකස් කිරීමට තීරණය කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවැත්වූ සාකච්ජාවලින් පසුවය.
COMMENTS
මේ ඔක්කොම බලන්නේ මහබූරුවා තෝරන තරඟයේ දිනන්න විතරයි. රට ගොඩගන්න හැටි එකෙක් කතා කරනවද?
බැරිද මේ ගොල්ලන් ටික එකතු වෙලා රට ජය ගන්න උපක්‍රමයක් සැකසුවොත්...? මොකද හැමදාම වෙන්නේ පක්ෂයක් ජයගත්තට රට පරාජය වෙන එකනේ...
උපක්‍රමය තමයි ඩීල් එක කියන්නේ.. එජාපය ඩීල්වලට හරි දක්ෂයි..
පසුගියදා පැවති රනිල්-සජිත් හමුවෙන් පසු එළැඹුණු එකඟතාවයක් අනුව ඊයේ (11) දහවල් රාජිත සේනාරත්නගේ නිවසේදී මලික්, මංගල සහ රාජිත අතර තවත් කතාබහක් ඇතිවුණු බව කියනවා. එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සජිත් කණ්ඩායම විසින් රට පුරා පැවැත්වූ බවට කියූ සමීක්ෂණයක වාර්තා මලික් සමරවික්‍රම විසින් රාජිත සේනාරත්නට ලබාදී තියෙනවාලු. ඉන්පසු මංගල සමරවීර "2018 දී මමත් කිව්වේ රනිල් ඉදිරිපත් වියයුතුයි කියලයි. එ්ත් දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණයට අනුව නම් "ගම්මට්ටමේ, බිම්මට්ටමේ ජනතාව ඉල්ලන්නේ කවුද කියලා අපට වැටහීගොස් තියෙන නිසා ඒ මතය මම වෙනස් කරගෙනයි ඉන්නේ... ඒකයි අපි සජිත්ට වැඩ කරන්නේ... මෙදා පාර අපි පැරදුණොත් එන්නේ ටර්මිනේටර් කෙනෙක්. ඒක නිසා ගහන තුරුම්පුව හරියටම ගහන්න වෙනවා." කියා කිව්වලු. ඒ කතාවට රාජිත සේනාරත්න පිළිතුරු දී ඇත්තේ "සජිත් තනියම එනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ඒත් එක එක්කෙනා සජිත්ව ඒ ඒ අයට අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. ඔයාලට තේරෙනවානේ මම කියන එක. සජිත්ගේ හිත හොඳකම නිසා එයා එක එක්කෙනාට අහුවෙනවා. එහෙම කොහොමද නායකයෙක් වෙන්නේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි" කියාලු. මේ කතාබහ තවම කෙලවර වී නැති බවත් කීවාලු.
සජිත්ගේ වත්මන් ක්‍රියාකලාපයයි, මේ අදහසයි මට නම් තේරෙන්නේ නැහැ... මේ ආණ්ඩුවේ ක්‍රියාවට ජනතාව මොංගල් වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රම තිබෙන්නේ දෙකකි. අලුත් මුහුණක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සහ ලංකාවේ වැඩකරන සෑමදෙනා සඳහාම ජාතික විශ්‍රාම වැටුපක් පිහිටුවීම මෙම කරුණු දෙක ඉදිරිපත් කරන්නේ නම් 100%ක් ජය නියතයි.
වැඩකරන පන්තියට මොනවද මේ කට්ටිය කරලා තියෙන්නේ? අද මුළු රටේම තරුණයන් මෑන්පවර් කියලා ශ්‍රම සූරාකන ක්‍රමයට මේ දෙගොල්ලම අරගෙන ගිහින් තියෙන්නේ, අපිට අද අවශ්‍ය වැඩකරන පන්තිය නියෝජනයක්... නැත්නම් කම්කරු ප්‍රඥප්තිය සම්මත කරන නායකයෙක්...
මං කියන්නද නොවරදින උපක්‍රමයක්. ඔබතුමාගේ ප්‍රධානම පොරොන්දුව වුනේ 'හොරු ඇල්ලීම සහ වංචා කළවුන්ගෙන් ඒ මුදල් ආපසු රජයට ලබා ගැනීම' නේ. හරි, කෝ හොරු ඇල්ලුවද කියන එකට පිළිතුරු වශයෙන් මහේන්ද්‍රන්ව ගෙන්වලා දෙන්න. ඔය බරපතල නඩු කීපයක් ඉක්මන් කරවලා දෙතුන් දෙනෙකුව හිරේ යන තැනට කටයුතු කරන්න. කොහොම හරි මහා භාණ්ඩාගාරයට සල්ලි ටිකක් (ණය නොවේ) හොයලා දාන්න. ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බවට පොරොන්දුවක් දී ඡන්දෙට එන්න. දිනනවා ෂුවර්...