IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති මෛත්‍රී - මෝදි දුරකතන සාකච්ඡාවක්

හර්ෂණ තුෂාර සිල්වා
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ  පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක්ම අද (17) වාර්තා කර තිබිණි.
 
එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළ බව ද එම පුවත් වාර්තාවල දැක්විණි.
 
දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර අද (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.



අදහස් (16)

ජනපති මෛත්‍රී - මෝදි දුරකතන සාකච්ඡාවක්

Saman Wednesday, 17 October 2018 02:16 PM

කට තිබුණු පලියට ගොන් කතා කියන්න එපා කියන්න ඇති....

:       0       0

ධනුෂ්ක Wednesday, 17 October 2018 02:50 PM

කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමන ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්. අැත්තම කිව්වොත් අපි ඉන්දියානු ජනතාවගෙන් කෝටි හතරක්වත් බලා ගන්නවා. මෙවන් තත්වයක් තුල ඉන්දියාව අපට ස්වයංපෝෂිත වීමට හෝ සංවර්ධනය වීමට කිසිලෙසකින් ඉඩ තබන්නේ නැත.සංවර්ධනය වීමට ඉඩ දෙන්නේ ඔවුන්ගෙන් මිල දී ගැනීමේ හැකියාවේ සීමාවට පමනි. ඔවුන් හට ලංකාවට වැටෙන වැස්ස වුවත් පාලනය කල හැක. බව භෝග වල පැවැත්ම පාලනය කල හැක, දේශපාලනය පාලනය කල හැක,මේ රට ස්වයංපෝෂිත හෝ සංවර්ධනය කිරීමට හැකි අාණ්ඩුවකට හෝ පාලකයකුට පත් වීටම හෝ පත් වී පැවතීමට ඔවුන් ඉඩ නොතබනු අැත.පැවති හා පවතින පාලනයන් දෙක තට්ටුමාරුවට ඔවුන් අාරක්ෂා කරනු අැත. වත්මන් ජනපති ඝාතනයට නම් ඉන්දියාවට කිසිදු වුවමනාවක් නොවනු අැත

:       1120       805

udaravana hava eliya Wednesday, 17 October 2018 06:23 PM

මේකට හේතුව නම් නුඹලා ඉන්දියානුවන් බව නුඹලා අපිට අමතක වීමය මේ රටේ ආදී වාසීන් රාවණ පරපුර වනසා මේ බිම අල්ලාගෙන උන්ගේ නොවන නිසා සුද්දන්ට ලියා දී එහි ඇති වරාය ද විකුණගෙන කන මේ අය මේ රටින් පන්නා දැමීමට රාවණ රජු නැවත පහල වේවා............

:       0       259

SilvaThursday, 18 October 2018 03:47 AM

කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමන ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්. වෙළඳපොල සහ වෙළදාම ගැන තියෙන දැනීම නියමෙට ප්‍රදර්ශනය කරනවා.

:       8       22

ධනුෂ්කThursday, 18 October 2018 02:32 PM

කෝටි 150 කියන්නේ අපිට වඩා අති විශාල වෙළඳපලක් තමා නමුත් එ්ක රට අැතුලේ සිදු වෙන සංසරණයක්. රටකට වැදගත් වෙන්නේ අන්තර්ජාතික වශයෙන් සිදුවෙන වෙළඳාම. රට පෝසත් වෙන්නේ එම වෙළඳාමෙන්. අනික අපි මොනවද එහේ විකුනන්නේ. ඉන්දියානු නිෂ්පාදන 80%ක් විකුනන්නේ දකුනු අාසියානු, හා අප්‍රිකානු රටවලට. නැගෙනහිර අාසියානු රටවල් ඉන්දියානු බඩු ගන්නේ නෑ. මොකද ඔවුන් එ් සියල්ල අතිරික්ත මට්ටමින් නිෂ්පාදනය කරනවා. කුස්සියට ගිහින් බලන්න ඉන්දියානු නිෂ්පාදන කීයක් තියනවද? පාරට බැහැලා බලන්න ඉන්දියානු වාහන, කෝච්චි කීයක් තියනවද? ඔවුන්ට අපි හොඳ වෙළඳපලක් කියලා ඔබ නොදන්නවා වුනාට ඔවුන් දන්නවා. එ්කනේ හැම වෙලේම අපි චීනයට ලංවෙනකොට ඔරවන්නේ.මම දැනගෙන කතා කරන්නේ

:       0       1

Chaminda Wednesday, 17 October 2018 03:07 PM

මේ රටේ බුද්ධි අංශයේ තරම හිතාගන්න පුළුවන්... දැන් ඉන්දියාවෙන් තමයි විස්තර ගන්නේ. මේ රටේ බුද්ධි අංශයක් නැද්ද? දැන් හරිනම් වෙන්න ඕනේ මෙහෙ බුද්ධි අංශය රෝ ආයතනය එක්ක එකතුවෙලා හොයාබලන එක නෙමෙයිද? ලංකාවේ ලොක්කන්ටත් රටේ ආයතනය විශ්වාස නැතිකමයි පේන්නේ..

:       46       151

lalith Wednesday, 17 October 2018 03:40 PM

මෝඩි:- මොනවද මලේ මේ එක එක කියන කතා? ... මෙයා:- ගනන්ගන්න එපා ලොකුඅයියේ අවබෝධතාව ඉවරයි. දැන් සංක්‍රාන්ති කාලේ. පොඩි අඩව්වක් පෙන්නුවා කට්ටිය කැරකිලා වැටෙන්න. දැන් නයි වෛරක්කාරයෝ වගේ පරණ හිටපු තැනට හේත්තුවෙන්න පුළුවනි. අයිය කොළ තුනේ සූදුව දැකලා නැතිද?

:       184       253

ගල්කටස් Wednesday, 17 October 2018 07:29 PM

අපෙ ජනාධිපතිතුමා හොඳ කෙනෙක් වුවත් රටෙහි ජනාධිපති ධූරය දැරිමට නුසුදුස්සකු බව ඔහු විසින්ම පෙන්නුම් කරමින් සිටී. එතුමා විසින්ම නොහැකියාව පෙන්නුම් කරමින් සිටී. ජනතාවගෙ බලාපොරොත්තුව නම් කෙලින් තීරණ ගන්න නායකයකුය. හරි හෝ වැරදි තීරණ සෘජුව නොගැනීම නිසාම මුඵ රටම විඩගං මඩුවක් වී තිබීමයි කණගාටුවයි.

:       0       106

HafeelThursday, 18 October 2018 11:42 AM

ඔබේ අදහසට මමත් එකඟයි.

:       0       2

de silva Thursday, 18 October 2018 02:50 AM

රැස්වීමකදී ගැලරිය පිනවන කතා කියලා මිනිස්සු පිනවන එකේ එතුමා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වලට වැඩිය ලොකුවට සලකනවා.

:       0       6

jayath Thursday, 18 October 2018 02:57 AM

අපේ ජනාදිපති තුමා වේලාවෙන් වෙලා වලට කියන කතා මම හිතන්නේ නැහැ ඉන්දීය ආණ්ඩුව ගණන් ගනීවි කියලා.

:       0       24

සතයපාල Thursday, 18 October 2018 03:43 AM

පනින්නට පෙර සිතා බලනු කිවේ කට කහනවට නොවේ. යමක් කියන්න කරන්න කලියෙන් ඒ ගැන දෙපාරක් හිතා බලන්න ඕනා.

:       42       10

ඇත්ත සත්‍යපාල Thursday, 18 October 2018 03:44 AM

ඇති යාන්තම් හින්දි ටිකක් හරි හරි ඉගෙන ගත්තා.

:       12       33

Saththaya Thursday, 18 October 2018 03:53 AM

ඔය මේ රටේ මිනිසුන් සහ රට හෑල්ලුවට පත් කරන දුර දක්නා පෙනුමක් නැති , බලය ලබා ගැනීමේ උපාය මාර්ග පමණක් සැලසුම් කරනා ක්‍රියා . ඒ නිසා අපි ජත්‍යාන්තරය හමුවේ හෑල්ලුවට පත්වෙලා ඉවරයි. හේතුව රටට ආදරය නැති බලයට කෑදර සමාජ සේවකයන්ට කතිරය ගසලා ඡන්ද දායකයා හෑල්ලුවට පත්වෙන ගමන්ම ඔවුනුත් පරපුරත් ඔවුන් විසින්ම විනාස කරගෙන ඉවරයි. දැන් අපි විසින්ම අපිව හුරා කන්න කියලා දායක වෙලා ඉවරයි. ආපසු හැරෙන්න හිතන්නවත් බැහැ , ආයෙත් දුවන්නේ ජරාව පස්සෙන්මයි.

:       0       834

chinthaka Thursday, 18 October 2018 08:35 AM

මෝදී සිංහල දන්නවා ඇති.

:       5       7

saman Thursday, 18 October 2018 06:22 PM

අපරාදේ, ළඟ උන්නනම් අතට අත දෙන්නත් තිබුණ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 538 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1931 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1452 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 817 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1996 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 97 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site