(නිමන්ති රණසිංහ සහ තරිදු ජයවර්ධන)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන දුරකතන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයකු ඇතුළු අට දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස්, වරාකාපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජනකාන්ත, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙම ප‍්‍රකාශ සටහන් කරගත් අය අතර වෙති.
එමෙන්ම මෙම සිද්ධියේ නඩු භාණ්ඩය වූ නාමල් කුමාර යන අයට අත්ව තිබූ ජංගම දුරකතනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ උසස් පොලිස් පරික්ෂක කේ. එම්. එම්. කුමාරසිංහ නිලධාරියා වෙතින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගෙනහිර පළාතේදී සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතාට කොළඹදී ද අනතුරක් සිදුකරන්නැයිද පොලිස් කොමිසමේ නිලධාරින්ට හා පොලිස් නිලධාරින්ට අපහාස වන අන්දමින් සමාජ ඡාලා වෙබ් වෙබ් අඩවි වලින් සහ මුහුණු පොතින් තොරතුරු පලකරන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට පැවසූ බව නාමල් කුමාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය පැමිණීල්ලෙන් දක්වා තිබිණී.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට හිරිහැර සිදුකරන බවට සදහන් පැමිණීල්ලක් තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතා විසින් ජාතික පොලිස් කොමිසන් සභාව වෙත පැමිණීලි කර ඇතැයි එම කොමිසම සදහන් කරයි.
එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්. එල්. ලතීෆ් මහතා ද පොලිස් කොමිසමට පැමිණීල්ලක් සිදුකර තිබූ අතර, එය විමර්ශනය සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් මෙහි වැඩිදුරටත් විමර්ශන පවත්වති.
COMMENTS
"මේ සිද්ධියට සම්බන්ධ නාමල් කුමාර නැමැත්තා ඔහු සමඟ සිටි සගයින් පොලීසියට කොටුකර දී ලක්ෂ පහක් තෑගී ලෙස ලබාගෙන ඇති බව "අන්තර්ජාල වාර්තා වල සඳහන් වෙයි. ඒවායේ කියන්නේ "ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින්ට ප්‍රහාර එල්ල කළ අරඹේපොල රතනසාර හිමි, චින්තක සංජීව, ඩෑන් ප්‍රියසාද් හා ජනිත මීපගේ යන අය ගැන ඔත්තුදී ඔවුන් කොටුකර දීමෙන් ලක්ෂ දෙක හමාරක්ද, මහනුවර මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කළ සිදුවීමේදී මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අල්ලා දීමෙන් ලක්ෂ දෙක හමාරක්ද මොහු විසින් පොලීසියෙන් ලබා ගෙන ඇති බවත් එම සිදුවීම් දෙකේදීම මොහු ඔත්තුදී ඇත්තේ දැන් චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට" බවත්ය." මේ සිද්ධිය දඩමීමා කරගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි මතයක් ඒකාබද්ධය විසින් ජනගත කරමින් සිටිති. ඒ වත්මන් පොලිස්පතිවරයා මහපාරේ නැටුවත් හොරුන්ට විරුද්ධ පරීක්ෂණ අඩාල කිරීමට කටයුතු නොකරන නිසා ය. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වරදක් කළ විටෙක පොලිස්පති ඉල්ලා අස්විය යුතු නම් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස්ගෙන හසුවීම නිසා ඉල්ලා අස්විය යුත්තේ කවුරුන්ද?" යනුවෙන්ද එම වාර්තාවල සඳහන් වෙයි.
ඩග්ලස් නිමල්, පොලිස් නිලධාරියා මැරුණු විදිය සෙව්වා නම් ඉහත ප්‍රකාශයට පිළිතුරු ලැබෙනවා. එයට අමතරව නාමල් කුමාර කියන්නේ නිකම්ම ගොතපු කතාවක් නම් ඔහු මෙලහකටත් ඉන්නේ අත්අඩංගුවේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැකියාවට පැමිණ ඇත්තෙත් බොරු සහතික දීමෙන් බව පසුගිය දිනක පලවුණා . ඒ වගේම පොලිස්පතිටත් ලක්ෂ 120 ක් ගත්තු බවට චෝදනා තියෙනවා. මේ පුරුදු නිසා තමා පොලිස්පති වූ ගමන් නීතිය නමනවා කිව්වේ. ඒ තරමට නීතිය නමලා පුරුද්දක් තියෙනවා.