(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන 22ක් ඒකාබද්ධව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොවැම්බර් 14 වන දින සිට 19 වැනි දින දක්වා කාලය තුළ දිනපතා පැය 24ක් පුරා එම ආපදා සහන සැලැස්ම ක්‍රියාවට නංවන බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
එම කාලය තුළ ජලගැලීම්, කඳු කඩාවැටීම්, වල් අලි තර්ජන ආදියෙන් ඡන්දදායකයින් බේරාගැනීම සඳහාත් ඔවුන්ට නිදහසේ ඡන්ද මධ්‍යස්ථාන කරා යාමට අවස්ථා සැලසීම සඳහාත් මෙය ක්‍රියාත්මක වේ.

COMMENTS
14 සිට නොවෙයි දැන් සිටම සහන සැලසීම කළ යුතුයි. දැනටමත් මේ පළාතේනම් හාල් වැනි ආහාර ද්‍රව්‍යයත් ගෑස් වැනි දේත් නැහැ. පවතින රජය අපකීර්තියට පත්කිරීමට කවුරු හෝ මේවා සැලසුම් සහගතව කරනවාද හිතෙනවා. අඩුම තරමින් සතොස ආයතනයේවත් පසුගිය දිනවල හාල් තිබුනේ නැහැ.
ජනාධිපතිවරණයෙන් කරුමෙකට සජිත් දින්නොත් තව අවුරුදු 5 කට දිවයින පුරා ආපදා සහන සැලැස්මක් හදන්න වේවි.