(නාලක සංජීව දහනායක)
නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ප‍්‍රධාන පෙලේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බවට මේ වනවිට අණාවරණය කරගෙන ඇතැයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය 19 වැනිදා චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව ඇතුලූ පිරිස එදින කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර 20 වැනිදා සීගිරිය ප‍්‍රදේශයේ සංචාරයක නිරතවී එහි හෝටලයක නවාතැන්ගෙන ඇත.
21 වැනිදා නුවර ප‍්‍රදේශයේ සංචාරයක නිරතව ඇති එම පිරිස එදින එහි නවාතැන්ගෙන ඇති අතර 22 වැනිදා නුවරඑළිය ප‍්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන ඇති බවට වාර්තා වී ඇතැයිද එම අමාත්‍යංශය සඳහන් කරයි.
එම සංචාරකයන් පිරිස 23 හා 24 දෙදින ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයකර අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර එහිදී මෙම චීන ජාතික කාන්තාවට උණ රෝගය වැළඳීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.
සිය සංචාරය අවසන් කරමින් එම චීන ජාතික කාන්තාව ඇතුලූ සංචාරකයන් පිරිස නැවත චීනය බලායෑමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී බලපිටිය මූලික රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව ගුවන්තොටුපළ බලධාරීන් විසින් ඇය අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සමඟ සංචාරයේ යෙදුන අනෙක් පිරිස නැවැත චීනය බලාගොස් ඇති බවට වාර්තාවී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
මෙරට රැඳී සිටි කාලය ඇතුළතදී එම කණ්ඩායම මෙරට පෞද්ගලික සංචාරක ආයතනයකින් සංචාරක මඟපෙන්වන්නන් ලෙස තරුණියන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන ඇති බවට වාර්තාවී ඇති බවත් එම තරුණියන් දෙදෙනා හා ඔවුන් මෙරට රැඳී සිටිකාලය ඇතුළතදී ඇසුරුකළ පිරිස් සම්බන්ධයෙන්ද මේ වනවිට සොයාබලන බවද සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්ඩ ඇරියනම් ඉවරයිනේ?
ආපු සෙට් එක ලෙඩාව තනියම දාලා ගිහින් ද. සෙට් එකේ අනිත් අයට මොකද වුනේ කියලා හොයන්න බැරිද. එයාලටත් දැන් කොරෝනා හැදිලද.
ඔවුන් හිටපු හෝටල් මොනවාද කියලා කියන එක හොදයි නේද
කොන්ද පන නැද්ද හිටපු තරු 5 හොටෙල් වල නම් කියන්ඩ.
වෙබ් අඩවි වල තියෙනවා පුවත් පතේ දමන්න බැහැ නීතිමය ප්‍රශ්න එන්න පුළුවන්.
හෝටලයේ නවතන් ගත්ත අමුත්තාට කොරෝන හැදිලා තිබෙන්නේ හෝටලය තුලදී නොවේ , එම නිසා හෝටලයට බනින්න එක වැරදිය , රජයට කොන්දක් තිබෙනවානම් තාවකාලිකව චීනෙන් එන සංචාරකයන්ට සංචාරක වීසා දීම නවත්වල අපිව මේ මාරාන්තික රෝගයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් නමුත් මේ වනතුරු එහෙම දෙයක් කරන බව පෙනෙන්නේ නැහැ .
අනේ අපේ පාර්ලිමේන්තුව පැත්තේ ගිහිල්ලා නැද්ද මෙයා? අපරාදේ බලේ හරි යවන්න තිබ්බේ ඕක බලන්න.