( තිළිණි ද සිල්වා )
කොරෝනා වෛරසය දැනට පැතිරෙමින් පවතින චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බීජිං නුවරහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වෙමින් තොරතුරැ ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය පවසයි.
එසේම වූහාන් නගරයේ ගමනාගමන කටයුතු අත්හිටුවමින් චීන බලධාරීන් ගත් තහනම ඉවත් කළ සැණින් වූහාන් සිටිනි ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් 32 දෙනෙකු වහා ගුවනින් ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
චීනයේ මේවන විට උසස් අධ්‍යාපනය ලබන ලාංකික සිසුන් 860 දෙනෙකු පමණ සිටින බව තහවුරු වී ඇති අතර මින් කිසිදු ශ්‍රී ලාංකික සිසුවෙකු මේ වනතෙක් කොරෝනා වෛරස් තත්වයට මුහුණ පා නොමැති බව චීන රජයේ බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදේශ සබදතා අමාත්‍යාංශය පෙන්වා දේ.
මේ අතර කෙරෝනා වෛරස හේතුවෙන් චීනයේ පුද්ගල මරණ 56ක් සිදුව ඇති අතර ආසාදිතයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් පමණ වාර්තා වී ඇත.
වෛරසය මේ වනවිට ප්‍රංශය, ඕස්ට්‍රේලියාව,තායිලන්තය, සිංගප්පුරුව, මලයාසියාව, ජපානය, නේපාලය, වියට්නාමය, දකුණු කොරියාව, අමෙරිකාව, හොංකොං රාජ්‍ය, සහ ඉන්දියාව යන රටවලට ව්‍යාප්ත වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
508
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ අංකයක්
lanka Monday, 27 January 2020 02:24 PM
පොඩ්ඩක් හොයලා බලන්න මේ කට්ටියත් සර්පයින් කාලාද කියලා... මම එහෙම කියන්නේ ඕන කෙනෙක් තමන් ඉන්න රටේ කෑමබීම වලට නිකම්ම හුරුවෙනවා. අනික ඒ ළමයි ආසාවෙන් එහෙ ගියානම් තමන් ඉන්න පළාතේ කරදරයක් වුණාම පලා එන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි.