IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීනයේ වූහාන් නගරයේ ලාංකික සිසු සිසුවියෝ 30 ක්

(තිළිණි ද සිල්වා)
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ  වූහාන් නගරයේ රැදී සිටිනුයේ ලාංකික සිසු සිසුවියන් 25ක් හෝ 30 ත් අතර පිරිසක් පමණක් යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශ ආරංචි මාර්ග  සඳහන් කර සිටී.
 
වූහාන් නුවර අධ්‍යාපනය ලබමින් රැදී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගණන 100ක් බවත් , චීන නව අවුරුදු උදාවය සමගාමීව අධ්‍යාපන ආයතනයන් නිවාඩු ලබා දී ඇති බැවින් ඔවුන්ගේ වැඩි දෙනෙක් මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවද සඳහන් වේ.
 
ඒ අනුව දැනට  වූහාන් නගරයේ රැඳී සිටිනුයේ ලාංකික සිසු සිසුවියන් 25ක් හෝ 30 ත් අතර පිරිසක් පමණක් යැයිද විදේශ සබදතා අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දේ.
 
කෙසේ වෙතත් චීනයේ හුබේ ප්‍රාන්තයේ වූහාන් නගරය මූලික කරගනිමින් පැතිරෙන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සැමවිටම චීන බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගන්නා බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
 
බීජිං අගනුවර පමණක් නොව වූහාන් නගරයේ බලධාරීන් සමගද සම්බන්ධ වෙමින් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
 
එම වෛරසය ශ්‍රීඝ්‍රයෙන් පැතිරී යන වූහාන් නගරයේ සිටින ලාංකිකයන් පිළිබද නිරන්තරයෙන් තොරතුරු ලබා ගන්නා බවත්, එම ලාංකිකයින් කඩිනමින් එම නගරයෙන් ඉවත් කර ගැනීමට කටයුතු යොදන බවත් විදේශ සබදතා අමාත්‍යාංශය පෙන්වා දේ. ඇති වී තිබෙන මෙම හදිසි තත්ත්වය හේතුවෙන් වුහාන් නගරයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ලංකික සිසුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 30 දෙනෙකු පමණ දැඩි දුෂ්කරතාවට පත්ව සිටින ඔවුන් තානාපති කාර්යාල බලධාරීන් වෙත ප්‍රකාශ කොට ඇත්තේ  නිරෝගීව පසුවන තමන්ට ආහාර ඇතුළු දෛනික අවශ්‍යතා සපුරාගැනීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.
 
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක  ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ එරට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවයි.
 
තවද චීනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරුද,  විදේශ සබඳතා අමාත්‍යාංශ විසින් එක් රැස් කරමින් පවතින බව ද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
එසේම චීනයේ නව සමාජ මාධ්‍ය ක්‍රියාත්මක නොවන අතර එරට බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය ‘වී චැට් ‘මාධ්‍ය ‘We chat ‘ භාවිතයෙන් සිදු කෙරේ.
 
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 56 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිරීමෙන් රෝගී වුවන් ගේ සංඛ්‍යාව 2000කි. මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය රටවල් ගණන 11ක්.මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙනි.
 
නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරනුයේ වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.

එමෙන්ම සාමාන්‍ය  වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු ඩේලි මේල් ඇතුලු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ. මේ අතර ඇමෙරිකාව, ප්‍රංශය, දකුණු කොරියාව, ජපානය, සිංගප්පුරුව, තායිලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන්ද කොරෝනා වෛරසය අසාදිත වු පුද්ගලයින් වාර්තා වි ඇත.දකුණු ආසියානු රාජ්‍යයකින් පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ නේපාලයෙන්.ඉන්දියාවේ ද කොරෝනා රෝගීන් සිටින බවට වාර්තා වුවත් මෙතෙක් එම තොරතුරු තහවුරු වී නැත.



අදහස් (4)

චීනයේ වූහාන් නගරයේ ලාංකික සිසු සිසුවියෝ 30 ක්

sunil Sunday, 26 January 2020 10:55 AM

අද ලංකාවේ සිසුන්ට පිටරටවල ගොස් මුඩුක්කු වැනි තැන්වල නැවතී දුක් විඳිමින් ඉගෙන ගන්නට සිදුවී ඇත්තේ ලංකාවේ ඔවුන්ට තෘතීය අධ්‍යාපන අවස්ථා නැතිබැවිනි. මේ තත්වයට ලංකාවේ තෘතීය අධ්‍යාපන අවස්ථා ඇති කිරීමට අකුල් හෙලන වෛද්‍ය සංගමය වැනි කුහක සංගම් වගකිව යුතුයි.

:       0       33

ranaMonday, 27 January 2020 05:26 AM

සුනිල්, ඔය සමහර අයගේ දෙමව්පියන්, දොස්තරවරුන්, අඩු ලකුණු වලින් වෛද්‍ය විද්‍යාව උගත හැකි රටක් චීනය, ලංකාව සයිටම් එක වැනි ආයතන නිසි ප්‍රමිතියකට සාදා නොගෙන ඒවාට විරුද්ධ වීමේ ප්‍රතිවිපාක නේද මේ...? මෝඩකම දරුවන්ගේ ජීවිතවලින් නේද ගෙවන්න වෙලා තියෙන්නේ?...

:       0       1

නන්නාදුනන හාදයා Sunday, 26 January 2020 12:30 PM

අපේ රටේ අය සර්පයන්, බල්ලන් වගේ උන්ව කන්නේ නැහැ කියලා මහා චීනාට කෙලින්ම කියලා මේ කට්ටියව නිදහස් කර ගන්න ඕනෑ.

:       0       29

Soma dubayi Monday, 27 January 2020 05:06 AM

හපෝ මෙහෙට ගෙන්න ගන්න එපා. ලෙඩේ බෝවෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 878 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site