
(බටපොල දීපාල් ද සිල්වා)
අපරාධ කල්ලි සමාජික ‘පොඩි ලැසී‘ හෙවත් ජනිත් මධුසංඛ ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ට්‍රක්රථයක් හා නවීනතම මෝටර් රථයක් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අද (17) සොයාගෙන ඇත. මෙම ට්‍රක්රථය හා මෝටර් රථය යොදාගෙන මනෝජ් මැන්ඩිස්ගේ කල්ලියේ ගෝලයකු වන බන්ධනාගාර ගතව සිටින මීටියාගොඩ ජනිත් නිශාන්ත ඝාතනය කිරීමට පොඩි ලැසී සැලසුම් කර ඇතිබව හෙලිවී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරින් මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයාගත් අතර, මෙම ඝාතන සැලසුමට යොදා ගැනීම සඳහා ගඩොල් කපන ස්ථානයක සඟවා තිබු ට්‍රක්රථයක්ද, හබරාදුව ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ නවීනතම මෝටර් රථයක්ද අද (17) සොයාගනු ලැබු බව විමර්ශන නිලධාරිහු පැවසූහ.
මෙම රථ වහන හා ගිනිඅවිය පොඩි ලැසීගේ බවට අනාවරණය වි ඇතිබවද එම නිලධාරිහු සඳහන් කළහ.
මේ වන විට ඇප මත මුදාහැර සිටියද අපරාධ විමර්ශන කොට්ඨාශයට බාර දී ඇති පොඩි ලැසී දින 90 ක කාලයක් රඳවාතබාගෙන ප්‍රශ්න කිරීමට පසුගිය 15 වැනිදා අධිකරණයෙන් අවසර ලැබිණ. මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ඔහුගෙන් අනාවරණය වූයේ එම ප්‍රශ්න කිරීම් වලදීය. මෙම වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයට අද පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟලුම් කම්හලේ ලොක්කා අල්ලාගෙන වැමෑරුවා නම් නරකද කොරෝනා ආවේ කොහෙන්ද කියලා...?
එයාලා.. එයාලා... මරා ගනිද්දී බාධා කරන්න එපා. ලොකු සේවයක්නේ.
තුවක්කු, කුඩු, වාහන.... මේ සේරම අහුවුණත් ආයෙත් එළියේ...
ලගදිම උදේ නිව්ස් වල ආයෙත් සැරයක් පෙන්වයි අවසාන වතාවට.
අනේ පව්! "අහිංසකයාට" පොලීසියෙන් හොඳට සලකලා තියෙනවා වගේ.
ලබන ඡන්දෙන් මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තු යන්නත් බැරි නැහැ.
මොන බයිලා කිව්වත් මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. මුන්ටත් එකයි, දේශපාලුවන්ටත් එකයි... එකෙකුටවත් දඬුවම් හම්බවෙන්නේ නෑ.
පව් ඉතින්... සර්ටයි ගෝලයින් රොත්තටයි, අනිත් ඔක්කොම වමාරන්නයි වවාගෙන කන්නයි පුළුවන්... ඒ වුණාට රිෂාඩ් නානව හොයාගන්න එක තමයි කරන්න බැරි. දුකේ බෑ...
මෙයාලා කවදත් ගොඩ...
පොලිසියට ස්තුතියි.. මාව මරන්න සැලසුම් කළා කියලා තොරතුරු හෙළිකළාට..
පොලිසියෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ අපේ සිරිසේන ගොයියාගෙන් ඉගෙන ගත්තා නම් හිරේ යන්නේ ලැසී නෙමෙයි, පොලිසියේ කට්ටිය.
මේකත් අර ගෝඨාභය, සහරාන්ලාට පඩිදුන්නා වගේ සමන් කුමාර නාටකය වගේ තව එකක්. දැන් අපිට ඔත්තු ගන්නේ පාතාලයෙන්. අන්තිමට අන්තිමට සහරාන් වගේ ගහනකම් දන්නේ නැහැ.