(සිතුම් චතුරංග)
මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා නව සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමේදී අද (16) සවස මුලතිව් පොලිස් නිලධාරීන් එහි පැමිණ සවිකර තිබූ කැමරා සියල්ල ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරියෙක් පැවසීය.
විවිධ අන්තවාදී පිරිස් විසින් විහාරය වෙත සිදුකරන බලපෑම් හා විහාරයේ ආරක්ෂාව සඳහා විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ මෙම කැමරා සවිකිරීම ආරම්භ කළ බව එම නිලධාරියා පැවසීය.
කැමරා සවිකරමින් සිටියදී පැමිණි පොලිස් නිලධාරීන් පන්සල භාරව සිටි තාවකාලික භාරකරු වෙත බලපෑම් කර සවිකළ කැමරාද ගලවා දමා ඇත.
සිද්ධියට පිළිබඳ අදහස් දැක්වූ ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ තාවකාලික භාරකරුවූ කැළුම් බණ්ඩාර මහතා මෙසේ පැවසීය,
‘‘ලොකු හාමුදුරුවෝ පිරිවෙනේ වැඩකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාරය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා සවි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ නිලධාරීන් පිරිසක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සීසීටීවී කැමරා සවි කරන්න බෑ කියලා. වහාම සවි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා.
දැන් විහාරයේ සවි කරපු කැමරා ටික ගලවලා තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. ඒක හින්දා තමයි ලොකු හාමුදුරුවෝ පන්සලේ සීසීටීවී කැමරා සවි කරන්න කියලා කිව්වේ. ඒත් දැන් ඒකට පොලිසියත් බාධා කරනවා" යැයි වැඩිදුරටත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නඩු විභාගයත් අහෝසි වී තිබෙන අවස්ථාවක පූජා භූමියක සීසීටීවී කැමරා සවිකිරීමට නොදීම ගැටලු සහගත තත්වයක් බවත් මුලතිව් පොලිසිය දේශපාලඥයින්ගේ උපදෙස් මත මෙම විහාරස්ථානයට දිගින් දිගටම බලපෑම් සිදුකරන බවත් විහාරයේ දායක සභා ක්‍රියාකාරියෙක් පැවසීය.
මීට දින කිහිපයකට ඉහතදී විහාර භූමියේ පවතින කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද විහාරයේ භාරකරු වෙත තර්ජනය කළ බව විහාරස්ථ දායක සභාව වැඩිදුරටත් පැවසූහ.



COMMENTS
කොන්ද පණ නැති නායකයන් පත් වුණාම රටට වෙන හානියක්...
මාර නීතියක්නේ උතුරට විතරක් තිබෙන එකක්ද? නැත්නමි එල්ටීටීඊ පොලිසියද?
හා හා එතකොට ගුරුකන්ද ගැන කතා කිරීමත් තහනම් ද නැතිද ?
මේවා ඇහෙද්දි, පෙනෙද්දි කොහොමද පාඩුවේ ඇස් කන් නෑ වගේ ජීවත් වෙන්නේ. එක අතකින් පිටරටක ඉන්න එකම හොඳයි කියලා හිතෙනවා. නමුත් තවදුරටත් එසේ කළ හැකිද කියන සිතුවිලි හිතට වදදෙනවා..
මේ ක්‍රියාව මානව හිමිකම් අමු අමුවේම උල්ලංගනය කිරීමක්. තමාගේ දේපොල ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම, අන් අයට කරදරයක් හානියක් නොවන ලෙසට, කළ හැකි බව අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. මට තිබෙන ප්‍රශ්නය නම් කවුද පොලිසියට අවසර දුන්නේ කියා.
සීසීටීවී වල තිබෙන ප්‍රශ්නය මොකද්ද? දෙගොල්ලම සීසීටීවී හදා ගත්තම ඉවරයි නේ. පන්සලත් කෝවිලත් එකතු වෙලා මේක විසඳ ගන්න උත්සාහ කරන්නේ නැත්තේ මොකද?
සීසීටීවී තියෙනවට බය වෙන්නේ ආයෙමත් පන්සලට කඩන පනින්ට බලාගෙන ඉන්න අයයි.
පන්සල භාර හාමුදුරුවෝ පිරිවෙනකට ගොස් මොන බම්බුවක් කොරනවද පන්සලට වැඩම කරලා වගකීම අරගෙන කටයුතු කරන්නේ නැතිව. මේ පාදඩ දේශපාලුව සින්හලයාව බලු කරලා. මේ උසාවියේ නඩු අහන්නේ දෙමලෙන් විතරලු. යකෝ මේක දැනටමත් රනිල් දේමාළුන්ට බෙදලා දීලාද? මට මතක් වෙන්නේ 1957. දැනුත් ඒවගේ වැඩකරන්න සිංහලයෝ බයද. මට මතක විදිහට ගල්ඔය වැඩකරපු සිංහලයෝ බුරුතුගණන් උතුරට ගියේ මුන්ට වග කියන්න.
කොළඔ තිබෙන ඔක්කොම කෝවිල් වලින් දෙමල මිනිස්සු ඉවත් කරන් යන්න කෙමතිද
පුදුම කුරුහරුපයක් නේ මේක. ගෙවල වල හයි කරද්දීත් ගලවනවද? මේකට දේශපාලකයෝ විතරක් නෙවේ. ලංකාවේ බෞද්ධයෝ ඔක්කොම වග කියන්න ඕනේ. බොරුවට කෑගහනවා. නමුත් පැත්ත පළාතේ යන්නේ නැහැ. රට වටේ විනෝද චාරිකා යන වෙලාවේ යන්නකෝ පොඩ්ඩක් ඔලුව දල යන්න එන්න. පන්සල පාලුවට යද්දී වටේ ඉන්න උන්ගේ කටවල් කොහොත් බලවත් වෙනවා.
මේ රටේ පාලකයෝ නැතිද? පන්සලක් වත් නිදහසේ තියාගන්න බැරි රටක්...
පුද්ගලික ස්ථානයක කටයුතුවලට පොලිසියට බලපෑම් කරන්න බැහැ නේද? මෙම ස්ථානය රජයට අයත් ඉඩමක්ද?
මේකට එක පිළියමයි තිබෙන්නේ... මේ බලය බෙදීම අපට කොතරම් අහිතකරද යන්න මෙයින් මනාසේ පැහැදිලි වෙයි. මේ කුඩා දිවයිනට 9000කට අධික මන්ත්‍රීවරු අනවශ්‍යයි. මේ ආකාරයේ අනීතික වැඩ නිසා වහාම බලය පෙර තිබූ පාලන බල ක්‍රමය ක්‍රියාත්මක විය යුතුයි. උතුරු, නැගෙනහිර යනු අනාගත ලංකාවේ ආයෝජන කලාපයයි.
කොන්ද පන තියන නායකයෙක් පත්කරගන්න ඒ වගේ ජනතාවකුත් ඉන්න එපාය ඉතින් . කොහෙද ටකරන් , සිමෙන්ති , ප්ලාස්ට්ක්. පුටු ඔක්කොටොම වඩා ලොකුනෙ .
පොලීසිය හදන්නේ උතුරේ දේශපාලුවන්ට ඕනේ විදියට පන්සල විනාසකරන්න ඉඩහදා දන එක. කැමරා ටික ගලවල දැම්මම සාක්කිත් නැහැනේ. ඒ වුනාට සජිත් ගේ කතාව කොහොමද ? මේ වෙන විනාසේ ගැන කටක් අරින්නේ නැහැ.
නොදකින් කොන්න්දක් නැති පොලිස්කාරයෝ එක එකාගේ කටු කෑවට කමක් නැහැ මේක අපේ රට, මහා ලොකුවට ගිරිය පුප්පගෙන කෑගහන උන්ට කියපිය මෙහෙමද බුද්ධාගමට මුල්ල තැන දෙන්නේ හෙනහතම වදින්න ඕනෙ.
යහපාලනය රජය සාමය සංහිදියාව ඇති කරා. ඒක නැති කරන්න දෙන්න බැහැ.
අනේ මොකටද ජනපදනමක් නැති තැනක පන්සල් අටවලා හැම ප්‍රශ්නෙටම මුල ඒකයි
ඉතා පැහැදිලියි. පොලීසිය වැඩ කරන්නෙ කාට ඕන විදිහටද කියලා. ඔහොම යමු ඔහොම යමු. සියල්ල හරි මගට වැටෙන කාලය ළඟයි. සම්‍යයක් දෘෂ්ටියක දෙවියන් පවා කම්පා වෙලා ඉන්න යුගයක්.
ගමගේ මහත්තයෝ,.. මැරිලා ඉපදිලද කතා කරන්නේ? විපක්ෂ නායකයෙක් ගැන කතා කරන්න නම් මොන මගුලකටද ආණ්ඩුවක්? දැන් ඔය ආණ්ඩුවේ වෙන්ඩ ජනාධිපති බෙරිහන් දෙන්නේ. සංගායනාවක් ගැන කියලා. එයා කියන අර මොකක්ද මුඛයෙන් මේ ගැන කතා කළොත් නේද හොඳ?
මේකට මොකුත් කියන්න එපා. මොකද “අපේ සංහිදියාවට " බාධා වෙයි. කෙලින් තීරණ ගන්නේ නැහැ.
බලය බෙදුවොත් ඔය ප්‍රශ්න අඩුවෙයි.
මේ ලැජ්ජාවක් නැති පොලිස් කාරයන් සිංහලද?