(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                              

ගැබිනි කාන්තාවක් ස්කූටරයකින් හෙරොයින්  මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී  කහතුඩුව  හෙරලියාවල ප්‍රදේශයේ දී  රුපියල් ලක්ෂයකට අධික වටිනා  මත්කුඩු සමග අද  (27)  අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.                        

එම සැකකාරිය සමඟ මත්කුඩු ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 160, ජංගම දුරකථන දෙකක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන  රුපියල්  12,730 ක් පොලිසිය බාරයට ගෙන ඇත.