IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි

(කේ එල් චාමින්ද)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් එක් පී.සී.ආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි.ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අංශ මඟින් සලසා ඇති බව ද හෙතෙම කියයි.
 
පී.සී ආර් පරීක්ෂණවලට ලක් නොවන ධීවර කාර්මිකයින් ධීවර වරායන් තුළට ඇතුළු වීම නුසුදුසු බවට තමන් නිර්දේශ කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි. එම පරීක්ෂණ කර ගැනීමට නොහැකි වූ ධීවර කාර්මිකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ කරගැනීමට ගාල්ල ධීවර  වරාය තුළ නිත්‍ය සෞඛ්‍ය කණ්ඩායමක් දින පහක කාලයක් රඳවා තැබීමට කටයුතු කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වීමේදී ධීවර ප්‍රජාව සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඇතැම් ධීවරයන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි. ඉදිරියේ දී ධීවර සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ධීවර කාර්මිකයින්ගේ තොරතුරු ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක්නොවු ධීවර කාර්මිකයින් සඳහා එම පරීක්ෂණ කරන බව ද හෙතෙම පවසයි.
 
මේ වන විට ගාල්ල, රත්ගම, වැල්ල, දොඩන්දූව, ඡාකොටුවැල්ල, හික්කඩුව යන ස්ථාන වල ධීවර ප්‍රජාවගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.



අදහස් (0)

ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site