(ටෝනි කරුණානායක)
ගම්පහ අංක 2 දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඇතුළු 8 දෙනෙකුව නිරෝධායනය සදහා අද (14) සිට යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය ආසාදිත වු අයෙකු ඉකුත් 6 වැනිදා එම අධිකරණයේ පැවති නඩුවක සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිට සාක්ෂි ලබා දී තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත උපදේශකයන් රැගෙන ගොස් ඇති වාහනයක රියදුරු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා කොරෝනා වයිරසය ආසාදිත වු අයෙකු බවට 13 වැනිදා හඳුනා ගැනීමෙන් පසුව මහෙස්ත්‍රාත්තුමිය ඇතුළු එම අධිකරණයේ සේවයේ නියුතු 6 දෙනෙකු සහ නිතිවේදීන් දෙදෙනෙකු මෙසේ නිරෝධායනය සදහා යොමු කර ඇත.
එම 8 දෙනාව ඉදිරියේ දී පි.සි ආර්.පරික්ෂණය සදහා යොමු කරන බව ද ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd