IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටිපති ව්‍යාපාරිකයකු මරා වළදාලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මරා වළ දමා තිබූ කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම මූලස්ථාන පොලිසියට අද (15) නියෝග කළේය.

මෙසේ මරා දමා තිබුණේ පුත්තලම නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ 36 හැවිරිදි ඒ.ආර්.එම්. සෆිස්  නැමති දෙදරු පියකු බව පොලිසිය පවසයි.

මරණයට පත් ව්‍යාපාරිකයා පොල් ඉඩම් හිමිකරුවකු සේම පොලි පදනම මත මුදල් දීම සිදුකරන අයෙකු බවද කියයි.

අදාල ව්‍යාපාරිකයා පසුගිය 11 වන දින සවස සිට නිවසින් අතුරුදහන් වී ඇති බවට ඥාතීන් පුත්තලම පොලිසියට කරන ලද පැමිණිලි  මත සිදුකරන ලද දිර්ඝ  විමර්ශන වලදී අදාල ඝාතනය සම්බන්ධව හෙළිවූ තොරතුරක් මත අද (15) දින සවස මෙම ව්‍යාපාරිකයා මරා වල දමා තිබූ ස්ථානය සොයා ගත් බව පොලිසිය පැවසීය.

අදාල ව්‍යාපාරිකයා පසුගිය 11 දින සවස 2.30 ට පමණ ඔහුගේ යතුරු පැදියකින් පොලියට මුදල් දී තිබූ තැනැත්තෙකුගෙන් පොලි මුදල් ලබා ගැනීමට ගොස් තිබියදී ඝාතනයට ලක්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙළිවි තිබේ.

පොලියට මුදල් ලබා ගත් තැනැත්තා හා ව්‍යාපාරිකයා අතර බහින් බස් වීමක්   සිදුවීමේන් පසුව මෙම ඝාතනය මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවසේදී  සිදුව ඇති බව දැනට ලැබී ඇති තොරතුරු වලින් සනාථ වී තිබේ.

ඝාතන සම්බන්ධයෙන් පොලි මුදල් ලබා ගත් සැකකරු හා ඔහුගේ මිතුරෙකු බව කියන අයකු ද ප්‍රශ්න කිරීම සඳහා අද (15) දින පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන  තිබුණී.

මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ අදාල ව්‍යාපාරිකයා සැකකාර පොලියට මුදල් ලබා ගත් තැනැත්තාගේ නිවස ගමන් කරන සීසීටීවී දර්ශන ස්ථාන කිපයකදී සොයා ගැනීමේන් පසුව බවත් එයට අමතරව දුරකථන ඇමතුම් සම්බන්ධව ලබා ගත් තොරතුරුත් මත කියයි.

මෙම සැකකරුවන්ගෙන් කළ දිර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසුව පොලිසිය මෙම සැකකරුවන් ව්‍යාපාරිකයා වල දමා තිබූ පුලිදිවායල් වෙට්ටුකාඩු ප්‍රදේශයේ ඉඩමේ අදාල ස්ථානය පුත්තලම දිසාවිනිසුරුවරයා ඉදිරියෙදී කැණීම සිදුවූ අතර එහිදී අදාල සිරුර ඉටි කවරයක බහා අඩි පහකට ආසන්න ගැඹුරක වලක් කපා වල දමා ඉන් පසුව කිසිවකුට සැක නොසිතන ලෙසට එම වල පොල් අතු හා පොල් කොට දමා වසා දමා තිබුණී.

අදාල සිරුර පුත්තලම දිසා විනිසුරු ඉදිරියේ ගොඩ ගැනීම සිදුවූ අතර එම අවස්ථාවට  පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදිකා අබේවික්‍රම මහත්මිය ද එක්වී තිබුණි.

 



අදහස් (4)

කෝටිපති ව්‍යාපාරිකයකු මරා වළදාලා

kolam boss Thursday, 15 August 2019 05:23 PM

වල පෙන්නුවා නම් තව නඩු මොනවටද ? ණයට ගද්දි දෙකට නැමීගෙන ආවට පොලි ඉල්ලන්න ගියහම රටේම චන්ඩි වගේ රඟන්නේ. ගෙවල් , කඩ කුලියට ගන්න ගොඩක් අයත් මෙහෙම තමයි ..

:       1       37

Shafraz Friday, 16 August 2019 06:22 AM

කිසිම දුකක් නැහැ පොලීකාරයෙක් නිසා

:       4       29

upali Friday, 16 August 2019 06:54 AM

මේ කෝටිපති ව්‍යාපාරිකයාට වාහනයෙක් ගන්න සල්ලි නැත්ද? යතුරු පැදියකින් ගිහිල්ලා තියෙන්නෙ.

:       0       6

Paankiriththaa Saturday, 17 August 2019 07:17 PM

ෂුවර් එකටම පොහොට්ටුවේ කප්පම් කාරයෙක්ගේ වැඩක් වෙන්න ඇති...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site