කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 247 කි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක්ද, බත්තරමුල්ල සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචි 66 සහ 81 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.