(එම් .සුසිල් ප්‍රියන්ත)

දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවඳුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක් වෙන්කළ බව බලපිටිය ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතා අද (25) පැවසීය .
 
සිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතා සභාවෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලා මේ පියවර ගත් බවද සමන් මහතා කීවේය.
 
මේ මුදල වෙන් කිරීමට  සිය සභාවේ පක්ෂ  විපක්ෂ  සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හා සහයෝගය ඒ සඳහා නොඅඩුව ලැබුණු බවද ඒ මහතා කීවේය.
 
වෙන් කෙරුණු මේ මුදලින් කොරෝනා රෝග උවදුර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල අය  භාණ්ඩ මිලදී ගැනීමට ඒක රාශීවීම වැළැක්වීමට වැඩපිළිවෙළක් සැකසීම පවතින වියළි කාලගුණය නිසා උග්‍ර ජල හිගය තියෙන ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු කිරීම වැනි කාර්‍යයන් ඉටුකරන බවද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය