IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවෙයි

කන්දකාඩුහි පිහිටි   මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්  කොරෝනා ආසාදිත 56 දෙනකු පිළිබඳව  අද (09)  තහවුරු කරගත් බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි . 

කන්දකාඩු  මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ  රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට අධික පිරිසක් මේ වන විට පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 56 දෙනකු අද අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

එසේම උදෑසන මාරවිල ප්‍රදේශයෙන් අද උදෑසන  ආසාදිත කාන්තාවක්ද  සොයාගෙන  ඇති බවත් ඇයද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන කාන්තාවක් බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 57 දෙනකු වාර්තා වී  ඇත.

ඒ අනුව, පස්වරු 4.15 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2151ක් බව කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය පවසයි.

 

 



අදහස් (14)

කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 10:50 AM

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා කොරෝනා වෛරසය අතර තිබෙන්නේ පුදුම සබැඳියාවක්.. ඒ වගේම ඥාතිත්වයක්. මොවුන්ගෙන් සිවිල් සමාජය බේරාගැනීම ගැන සෞඛ්‍ය බලධාරීන් වෙත තිබෙන්නේ ඉතාමත් භාරදූර වගකීමකි.. මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වූවන් හරි හැටි රෝගය සුවවෙන තුරු සිවිල් සමාජයට මුදා නොහැර තබා ගත යුතුයි.. එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන්නේය.

:       1       227

කරූ Thursday, 09 July 2020 10:54 AM

මාර වැඩේ තමයි...

:       50       132

Buddhika P Thursday, 09 July 2020 11:26 AM

ලංකාවෙන් කොරෝනා ගැන එන ආරංචි හරි පුදුමයි. මම හිතන්නේ ලංකාවේ තියෙන්නේ බෝ නොවෙන කොරෝනා ප්‍රභේදයක්. මෙහෙ බ්‍රසල්ස් වල, එක ඕපන් රෙස්ටුරන්ට් එකක ඉඳලා එක්කෙනෙක් අහු වුණොත්, ඒ වටේ හිටි තව 100 - 200කට අනිවාර්යයෙන් කොරෝනා හැදෙනවා. හිරේ හිටපු එක මිනිහෙක්ට කොරෝනා හැදුණා ලංකාවේ, පස්සේ කියනවා එයාට විතරයිලු කොරෝනා තියෙන්නේ. එක්කෝ මේ කතා බොරු නැත්නම්, කොවිඩ් වෙන බෝ නොවෙන ප්‍රභේදයක්, ලංකාවේ තියෙන්නේ. පහුගිය කාලේ වුණත් ලොක් ඩවුන් කරපු පළාත් වලින් කෝවිඩ් පැතිරුනේ නෑ. මේක ඇත්තටම හොයලා බලන්න ඕනේ කාරණාවක්... නාවික හමුදා කේස් එක වුණත් සැක සහිතයි. හැදුණු නාවික අය ගෙදර ගිහින් හිටියත් කාටවත් කොරෝනා හැදුනේ නෑ. දැන් මෙතන 57ක් හම්බ වෙලා, මෙහෙ එහෙම වුණානම් මුළු ඩිස්ට්‍රික්ට් එකටම ලොක් ඩවුන් දානවා...

:       1051       318

RathnaThursday, 09 July 2020 12:47 PM

ඒකද බෙල්ජියමේ 62,000ක් ලෙඩ්ඩු අහුවෙලා, 9,800ක් මිනිස්සු මැරුණේ?. කොහොමත් කුහකකමට තමන්ගේ රට වටින්නේ නෑ ගොඩක් ඒ අයට. ඔයාලා වගේ අය ඔය රටේම ඉන්න. ලොකු පිනක් ඒක...

:       203       133

KaluThursday, 09 July 2020 12:49 PM

ඔයාගේ මොලෙත් හරියට පුතාණෝගේ වගේමයි. හරියට ප්‍රවෘත්තිය කියවලා ඉන්න. මම ඉන්නෙත් එංගලන්තයේ... මෙහෙ හැමදාම කොරෝනා රෝගීන් සොයාගන්නවා.. ලංකාවේ එහෙම නෑ. මොකද සමාජයේ කොරෝනා නෑ. නිරෝධායන මධ්‍යස්ථානවල විතරයි. ඉතින් ලොක්ඩවුන් අවශ්‍ය නෑ. යුරෝපීය රටවල් වල කොරෝනා සමාජයේ පැතිරිලා...

:       216       94

ධනාThursday, 09 July 2020 02:40 PM

නිරෝධායන මධ්‍යස්ථානයකින් රෝගීන් පොකුරක් ආවම දිස්ත්‍රික්කයක් ලොක්ඩවුන් කරන්න ඕනී ඇයි කියලා ඔය බෙල්ජියමේ උන්නැහේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

:       251       150

Buddhiak PThursday, 09 July 2020 03:58 PM

ඇයි මෙච්චර කලබල වෙලා, යමක සැකමුසු තැන් පෙනුණාම කතාකරන එක ගැන බය වෙන්න එපා. සත්‍යය කලක් ගිහින් හරි එළියට එනවා. යාපනේ කොවිඩ් හැදුණු මනුස්සයෙක් දේව මෙහෙයක් කරලා තියෙනවා. 200ක් විතර මිනිස්සු එක්ක, කාටවත් මොකුත් වුනේ නෑ. ඒක යට ගියා. මම මෙතන කරුණු දෙකක් කියනවා. එකක් ලංකාවේ කෝවිඩ් ප්‍රභේදය ලේසියෙන් බෝවෙන එකක් නොවේ. නැත්නම් කවුරු හරි ලොකු වංචාවක් කරනවා. ඔය කියන නිරෝධායන තැන වුණත්, පිටට යන අය ඉන්නවනේ. ඒ මිනිසුන්ගේ පවුල්, ඒ අය යන කඩ පොළ මේ කොහෙවත් කොරෝනා නෑ. ඉතින් බොරු කරන්නේ නැතිනම්, අපි සතුටු වෙන්න ඕනෑ. අපිට ඇවිත් තියෙන්නේ ලේසියෙන් බෝවෙන්නේ නැති ප්‍රභේදයක්. මේ රටවල නිරෝධායන තැන් කියලා නෑ, ආසාධිතයන් අහු වුනොත්, පාරේ ඩස්ට් බින් හිටන් පුච්චනවා. මෙහෙ මේක එච්චර වේගෙන් පැතිරෙනවා ඒ වගේම මැරෙනවා. කාලගුණේ වෙනස් නිසාද දන්නේ නෑ. කොරෝනා දේශපාලන ව්‍යාපෘතියක් කරගෙනද කියලා හිතෙන නිසා, කාටවත් පුද්ගලිකව චෝදනා නොකරත් හුඟක් ප්‍රශ්න කළයුතු තැන් තියෙනවා. ලංකාවේ කෝවිඩ් 19 ගැන...

:       0       0

අජන්ත Thursday, 09 July 2020 12:11 PM

මේක මේ අය බෝකරගෙන ඇත්තේ රට ඉඳලා එන අයගෙන් කන්දකාඩු වලදි... ගේනවා ගේනවා ඉවරයක් නෑ නේ. රටේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව රට ඉන්න අය එක්ක කොරෝනා ආනයනය කරනවා. දැන් ඉතිං ලංකාවේ මිනිස්සු මෙච්චර කරපු කැපවීම වතුරේ. ඉස්සරහට ලංකාවේ පොකුරු පොකුරු අහුවෙලා මැරෙන්න ගත්තාම ඔය රට ඉඳලා ආපු එක්කෙනෙක් වග කියනවද?. මැරෙන මිනිස්සුන්ට වන්දි දෙනවද?. කවුරුත් පිටරට යන්නේ තමන් ගැන වගකීම අරන්... එයාලා ඒ රටවල ඉඳීවි. ඒ රටවල් ඒ මිනිස්සු ගැන බලාගනීවි. ලංකාවට ගේන්න එපා දැන්මම.. එයාලට ලංකාවට එන්න අයිතිය තිබුණාට කොරෝනා අරන් ඇවිත් මෙහේ මිනිස්සුන්ට බෝ කරන්න කිසිම අයිතියක් නෑ. දැන් ලංකාවට ගේන්න එපා කවුරුත්...

:       613       779

PradeepThursday, 09 July 2020 03:34 PM

ඔබ වගේ කෙනෙක් මනුෂ්‍ය ආත්මයක් ලබලා ඉන්නවා කියන එකත් පුදුමයි.

:       467       189

යු​මීFriday, 10 July 2020 03:37 AM

අජන්ත, ඇත්ත තත්ත්වය නම්, ඔය කවුරුවත් කොරෝනා තියෙන කොට රට ගිය අය නෙමේ. සමහර අයට (විශේෂයෙන්ම මැදපෙරදිග) ඒ ඒ රටවල කිසිම සැලකීමක් නෑ. එතකොට ඒ අය ලංකාවට එන්නේ නැතුව මොකද කරන්නේ...? තව සමහර අය ඉන්නවා කොරෝනා වසංගතය නිසා රැකියා අහිමිවුණු අය. මොන රටක වුණත් රැකියාව නොමැතිව ඉන්න හරිම අමාරුයි. ලංකාවේ වුණත් රැකියා අහිමිවුණු අය කොයි තරම් අපහසුතාවයකින් ඇතිද? අනෙක ලංකාවට ගේනඑක අය නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන නිසා සමාජයේ පැතිරීම අවම කරගෙන තියෙනවා. ඒ මධ්‍යස්ථානවලින් සමාජයට එන අය තමා පාලනයකට නතුකළ යුත්තේ... ඇත්තටම ලංකාව බොහොම හොඳ තත්වයක් පවත්වාගෙන යන බව පේනවා. මෙම වසංගතයට හොඳම විසඳුම තමන්ගේ සැලකිලිමත්භාවය මිස රට ඉඳලා එන අයම නොවෙයි...

:       0       4

[email protected] Thursday, 09 July 2020 03:18 PM

ප්‍රශ්නයක් නෑ ඡන්දේ තියමු ඉස්සෙල්ලා.. අපේ විමලේත් කියන්නේ ඒකනේ. කොරෝනාවලින් මොනවා වුණත් කමක් නෑ 2/3 අපිට ඕනේ...

:       159       405

Tharaka Thursday, 09 July 2020 03:20 PM

සමහරුන්ට කුරීරු සතුටක් එනවා ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනකොට.. මොකද ඒ කුහකයින්ගේ දේශපාලන පැවැත්ම රඳා පවතින්නේ මේ රටේ ලෙඩ්ඩු එක්ක.. ඒකයි මොන හොඳ කළත් අඩුවක් අල්ලගෙන කියවන්නේ.. ඒකයි සමකය කිට්ටුව නිසා අපි බේරුණා කියන්නේ. දූපතක් නිසා අඩු වුණා කියන්නේ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය එතකොට දූපත් නෙමෙයි. ඉන්දියාව සමකය කිට්ටුව නෙමෙයි.

:       324       360

දොලේවත්තThursday, 09 July 2020 05:00 PM

යථාර්ථය අන් අයගේ කුරීරු සතුටක් ලෙස පෙනෙන එක වහල්කමයි.. ලොක්ඩවුන් කිරීම මහා ලොකු දෙයක් නොවේ..

:       102       1

shanakaSaturday, 11 July 2020 07:43 AM

ඒක ඇත්ත පාස්කු ප්‍රහාරය කාලේ පිරිසක් කුරීරු සතුටක් ලැබුවා... දැන් කොරෝනා නිසා අනික් අය සතුටක් ලබනවා. ලංකාවේ අය දේශපාලනිකව ඔවුන්ගේ ලොක්කෝ වැජඹෙනවට තමයි කැමති. ලංකාවේ මිනිසුන් දියුණු වෙලා සතුටින් ඉන්නවාට කැමැති නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site