කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අද (21) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සෞදි අරාබියේ සිට පැමිණ අයෙකු , මාලදිවයිනේ සිට පැමිණි 8ක් , එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙකු සහ ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙක් ඒ අතර වේ.මොවුන් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා මෙරට දී හඳුනාගෙන ඇති කොවිඩ් - 19  ආසාදිතයින් ගණන 3299 ක් වන අතර මේ වනවිට සුවය ලබා රෝහල් වලින් පිටවූ සංඛ්‍යාව 3100 කි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 186 කි.