IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස්  සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ඔවුන් ගුවන් යානය තුළ සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව කුඩා කණ්ඩායම් ලෙස අසුන් ගන්වා තිබු අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීමේදීත් , එම කණ්ඩායම් අනුවම එය සිදු කෙරුණි .

ඔවුන්ගේ විෂබීජහරණය කිරීමත් මෙම කණ්ඩායම් ක්‍රමය අනුව සිදු කළ අතර , ඔවුන්ගේ කොවිඩ් - 19 රෝග ලක්ෂණ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ද මෙම ක්‍රමයටම සිදු කෙරුණි .

ඒ අතර මෙම සිසුන් පැමිණි ගුවන් යානයත් , එහි කාර්යය මණ්ඩලයත් කටුනායක ගුවන් තොටුපළ තුළ දී විශේෂ විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කෙරුණි .

පසුව එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සිසුන් , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .

සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති


 



අදහස් (1)

කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති

siri Sunday, 26 April 2020 08:40 AM

ලංකා ගුරු සංගමයෙන් ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටර්ලින් මේ ගැන මෙවැනි අදහසක් පල කරැති බව අන්තර් ජාලයේ වාර්තා කර තිබෙනවා. "බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ පරිදි සිසුන් 580 ක් ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව මත ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබති. එසේම පිලිපීනය, නේපාලය, බංගලිදේශය හා පකිස්ථානයේ ද ලාංකික සිසුන් අධ්‍යාපනය ලබති. මින් බහුතරයක් රාජ්‍ය ශිෂ්‍යත්වධාරීන්ය. මේ වන වට ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා අධික මුදලක් අය කිරීම තුළ එම සිසුන්ගේ දෙමාපියන් බරපතල අපහසුතාවකට පත්ව ඇත. එළඹෙන සෙනසුරාදා දින මුම්බායි සිට පැමිණීමට නියමිත එක් සිසුවෙකුගෙන් අය කර ඇති ගුවන් ටිකට් පත් ගාස්තුව රු.58650/-කි. මෙම ගාස්තුව පැමිණීම සඳහා එක් ගමන් වාරයකට පමණි. ප්‍රථමයෙන්ම චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලැබූ සිසුන් ලංකාවට රැගෙන එන ලද්දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවය.මේ තත්වය තුළ මෙම සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී"

:       39       154

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 218 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 706 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 950 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2039 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1945 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1245 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1521 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site