(ටී.කේ.ජී.කපිල )
කූට ලේඛන ඉදිරිපත් කර ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
ඔහු අද (14) කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරණ ගුවන් යානයට, ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු මුලින්ම ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා ගුවන් සේවා කටයුතු නිශ්කාශනය කර ගෙන, ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණ තිබේ. එහිදී ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ, ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ වී වහාම මෙම තරුණයා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මොහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය, ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය යොමු කිරීමට පියවර ගැණුනි .
එහිදී මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූට ලියවිල්ලක් බව තහවුරු විය.ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කළ අතර, එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු තමාට එරටට පැමිණීම සඳහා උදව් කරන බව පැවසීය.
තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් මත, ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.පී. රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන ජී.වී.ජී.මධුෂාන් සහ ඩී.ඒ.ඩී.පී.ඔහාන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරති.

COMMENTS
මල්පෙන්සා යනු නුවරක් නොව ගමකි. මිලානෝ ප්‍රධාන ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මෙහිය. හරියට කොළඹ, කටුනායක මෙන් මිලානෝ සිට මල්පෙන්සා වලට ඇත්තේද විනාඩි 45ක පමණ දුරකි. මාගේ අත්දැකීම අනුව මේ තරුණයා පෘතුගාල් නොව ඉතාලියට පනින්න හදපු කෙනෙක්. ඉතාලියේදී මෙයාව කොහොමත් ඉමිග්‍රේෂන් එකෙන් අත්අඩංගුවට ගෙන රට ඇතුලේ පොලිසියට බාරදෙනවා. ප්‍රබල ත්‍රස්තවාදී චෝදනා නැත්නම් ඩිපෝර්ට් කරන්නේ නැහැ.
දේශපාලුවන් කරන හොර වැඩවල හැටියට මේක මොකක්ද කියලා හිතෙනවා. හොර ID, හොර පාස්පෝට්, හොරට ලියලා ගත්තු විභාග සහතික මෙකී නොකී සියලු දේවල්වලින් නම් දේශපාලුවන් ඉදිරියෙන්ම ඉන්න රට...
මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් බවට මේ රට පත්කරන්න. එතකොට අවදානමක් අරගෙන රටින් පිටවීමට මිනිසුන් උත්සහ කරන එකක් නෑ.