(අජන්ත කුමාර අගලකඩ)
තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ.
ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද සබරගමුව ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා ද උතුරු ආණ්ඩුකාර ලෙස සුරේන් රාගවන් මහතා ද දිවුරුම් දුන්හ.



(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
මහින්දගේ පළාත් සභා ඡන්දෙ තිබ්බා වගේමයි. මෙයා අණ්ඩුකාරයේ පත් කිරීම මහින්ද සිරිසේන වෙනසක් නෑ. අපිට මතකයි අගමැති වුණා විතරයි, මේ මගේ ලේකම් කියලා කිව්වා...!!!
කීර්තිටත් දීලා. අඩු කිලි මහරාජා විතරයි වගේ. අනේ එයාටත් මොනවා හරි දෙන්නකෝ?
උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා දමිල ජනතාවගේ විශ්වාසය දිනාගත් සිංහල හෝ මුස්ලිම් අයෙකු පත් කිරීම තමා වඩා සුදුසු...
කීර්ති තෙන්නකෝන් මෙච්චර රනිල්ට විරුද්ධව කතා කලේ මොකද කියලා පේනවා. ජනාධිපතිකම ඕනේ එකෙක්ට කරන්න පුළුවන් නම් ආණ්ඩුකාරකම කාට කරන්න බැරිද?
මේ පත්කරන අයගෙන් මැනගන්න පුළුවන් අපේ සිරිසේන මහත්තයාගේ උගත්කමේ තරම...
බස්නාහිර වල් උෟරා හැර අනිත් අය ගැන නම් දැනට ප්‍රශ්නයක් නැත..
කිර්ති තෙන්නකෝන් කොහොමද ඉන්නේ? ඡන්ද කාලේ දීපු ප්‍රකාශ සියල්ල දේශපාලන උවමනාමත දෙන්න ඇති... එන්ජීඕ සල්ලි වලින් පාලකයන්ට කඩේ යන්නේ....
පිස්සු හැදෙනවා ධම්ම දිසානායක සබරගමුවේ ආණ්ඩුකාර... වෙල් ඩන් ධම්ම. ඉතාම හොඳ පත්කිරීමක්.
ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙන ප්‍රවෘත්තිය දැක්කාම ගල් අඟුරු ගැන මතක් වුනේ මොකද මන්දා?
මේකට තමයි කියන්නේ හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියලා. ඔහොම යං. ඔහොම යං. තව ටික දොහයිනේ මෙයා වැජඹෙන්නේ...
හා හා බලමු බලමු !! සාධාරණත්වය, දූෂණය වැනි දේවලට විරුද්ධව හඬ නැගූ උදවිය ඒ පළාතේ දේශපාලකයින් ටිකට නාස් ලණුව දාගන්නේ කොහොමද කියලා... කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා කියයිද දන්නේ නැහැ. එහෙමත් නැතිනම් තක්කිට තරිකිට කියයිද කියලා. පළාත් වාසි සියලු දෙනාගේම පංච ඉන්ද්‍රියන් නිසිලෙස ක්‍රියාත්මක වේවා යයි ප්‍රාර්ථනා කරමි.
කීර්ති තෙන්නකෝන් කියන්නෙත් ඒ වර්ගයේම කියලා දැන් තමයි දැනගත්තේ? එක අතකට තක්කඩියෙක් නොවුනොත්නේ අපි පුදුම වෙන්න ඕනෑ නේද?
ධම්ම විවිධ කාලවලදී එකඑක දේශපාලන පුද්ගලයින්ට පැහැදිලිවම කඩේ ගියා.. නමුත් කීර්ති පට්ට ස්වාධීන පොරක් වගේ ඉඳලා ගිය දවස් ටිකේ සිරිසේන උන්නැහේට අම්බානක කඩේ ගියා... ඇත්තටම කණගාටු වෙනවා. ධම්මලා, කීර්තිලා අපේ සමාජයේ පොදු සම්පත්.. ඔවුන් පුළුවන් තරම් කාටවත් ගැති නොවී දේශපාලන වහල්කමින් මිනිසුන් ගලවා ගැනීමට ස්වාධීන වී උපදෙස් දිය යුතුය... මොවුන් උගත්, බුද්ධිමත් අය.. නිර්මාල් රන්ජිත්... සරත් විජේසුරිය වගේ උගතුනුත් මෙහෙම වුනොත් අපේ රටේ ඔලමොට්ටල දේශපාලන වහල් මිනිසුන් බිහිවී පාලකයාට අල්ලේ නැටවිය හැකි මිනිසුන් බිහිවෙනවා නිසැකයි..
දනපාල, ගුණපාල කිව්වට මේ කවුද කියලා කොහොමද දන්නේ අඩු තරමේ, නීතිඥ මහත්තයෙක්ද? දොස්තර මහත්තයෙකද? වෙනත් උගතෙක්ද? ව්‍යපරිකයෙක්ද? නැතිනම් ඔය දේසපාලන කුලියට කැගහපු වන්දිභාට්ටයෙක්ද? එකෙමත් නැතිනම් ආතක් පාතක නැති අහින්දාස් කෙනෙක්ද? කියලවත් කිව්වනම්, අඩු තරමේ රටට වැඩක් ඇති කෙනෙක්ද කියලවත් දැනගන්න.!
කීර්ති පසුගිය දවස් වල බැන බැන හිටියේ ඇයි කියල දැනුයි තේරුම් ගියේ.
කීර්ති ඔය මොකක්ද අටවගෙන කඩේ ගියේ මේකට තමයි. හැබැයි කතාවනම් කපුරුහාමිලා පරාදයි.
පක්ස , පාට කෙසේ උනත් රෙජිනෝල්ඩ් ඉතාමත් ඉහල ගනයේ සේවයක් කරා උතුරට. මිනිස්සු බොහොම සතුටෙන් හිටියා එයාගේ සේවය ගැන. රොටිය අමුවෙන් බානවා වගේ මෙහෙම කරාම අර දේශපාලන පරිනත භාවය මේකෙන්ම පෙනේ. ශ්‍රී ලංකා වාසින් මෙම නුගත් පාලකයෝ බිහි කිරීම තවදුරටත් නොකළ යුතු බව අවධාරණය කරත්වා !!
කීර්ති , ඔබට ජය ! සාධාරණව රාජකාරිය කරන්න හැකියාව ලැබේවා ! ඔබටත් රටට යමක් කළ හැකියි.......