(හර්ෂණ තුෂාර සිල්වා)
කිතුණු ප්‍රජාවෙන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ජන ප්‍රජාවට කිසිදු හානියක් නොවන බවට තමන් සහතික වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා අද (24) ප්‍රකාශ කළහ.
ආගම් නාමයෙන් ප්‍රහාර එල්ල කරන , ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන සියලු දෙනා කිසිදු ආගමකට අයත් නැති බවත් ඔවුන් කිසිදු ආගමක ආගමිකයන් නොවන බවත් අගරදගුරුතුමා ්කීහ.
මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ නොමඟ ගිය මානව දුර්වලතා ඇති කණ්ඩායම් බවත් අගරදගුරුතුමා පැවැසූහ.
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය නියෝජන කරන රටවල මෙරට සිටින තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සහ ඉම්තියාස් බාකීර් පදනමේ සභාපති හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා බැහැදුටු අවස්ථාවේදී අගරදගුරුතුමා එම කරුණු කීහ.
අගරදගුරුතුමා එහිදි මෙසේ ද කීහ.
“මෙවැනි ප්‍රහාර ආගමක් පදනම් කරගෙන සිදුවෙන ප්‍රහාර නෙමෙයි. කිසිදු ආගමිකයකුට, ආගමකට මෙවැනි ප්‍රහාරයක් මෙවැනි ව්‍යවසනයක් කරන්න බැහැ. මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ ආගමක් නොමැති පිරිසක්. මේ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ නොමඟ ගිය තරුණ කණ්ඩායමක්. එයා ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
මෙවැනි ප්‍රහාර සිදුවන්නේ මානව දුර්වලතා. මිනිසුන් තුළ ඇතිවන විවිධ අඩුපාඩු නිසා. ඉස්ලාම් දහම ඉතා සාමකාමී ආගමක් බව අපි හොඳින් දන්නවා. අපි සැවොම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ඒ නිසා එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම අප විසින් නොකළ යුතු දෙයක්.
අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරපු අය. ඉස්ලාම් දහමත් කිතුණු දහමත් අතර සබඳතා තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන් සහ කිතුණු භක්තියන් අතර තිබෙන සබඳතාව ඉතාමත් ශක්තිමත්. වසර ගණනාවක් තිස්සේ අපි එකමුතුව ජීවත් වුණා. මේ රට ඉතාම සාමකාමී රටක්. කිතුණු ප්‍රජාවගෙන් ඉස්ලාම් ප්‍රජාවට කිසිදු හානියක් නැහැ.
මෙවැනි ප්‍රහාර එල්ල කරන අය ඉස්ලාම් දහම වෙනුවෙන් එසේ කළ බව කීවත් ඒ කිසිවක් ඉස්ලාම් දහමට අනුකූල නැහැ. අපේ ඉස්ලාමීය සහෝදරයන්ට එරෙහිව අත් ඔසවන්න එපා යැයි අපේ කිතුණු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.
මේ හමුවට පෙර සර්ව ආගමික නායකයන් මුණ ගැසුණා. මුස්ලිම් ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් මා මුණ ගැසුණා. මවුලවිවරුන් ද පැමිණ මා සමඟ කතා කළා. ඔවුන් සියලු දෙනාටම මම සහතික කර කිව්වා, කිතුණු ප්‍රජාවගෙන් ඉස්ලාම් ප්‍රජාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ. විදියට තමයි මොවුන් ක්‍රියාත්මක වී තිබෙන්නේ කාටහරි වුවමනා පරිදි.
මම අවමංගල්‍ය උත්සව රැසකට සහභාගී වුණා. අපේ පියවරු රැසක් ඒවාට ගියා. ඉස්ලාම් භක්තිකයන්ට පීඩා නොකරන්නැයි අපේ ප්‍රජාවගෙන් ඉල්ලන්නැයි මා ඔවුන්ට උපදෙස් දුන්නා. ඉස්ලාම් ප්‍රජාවට එරෙහිව අප අත් ඔසවන්නේ නැහැ. අපට එරෙහිව මේ ප්‍රහාර එල්ල කළ පිරිස වෙනුවෙන් ද අප යාඥා කරනවා. එසේ කළා. මා නැවත නැවතත් කියනවා. ඔවුන් නොමඟ කණ්ඩායමක් පමණයි.
ලංකාවේ කිතුණු ප්‍රජාවත් ඉස්ලාම් ප්‍රජාවත් කාලයක් තිස්සේ ඉතා සමගියෙන් සහයෝගයෙන් ජීවත් වුණා. මේ ප්‍රහාර එල්ල කළේ මුස්ලිම්, කතෝලික, හින්දු හෝ බෞද්ධ යන ආගම්වලට සම්බන්ධ අය නෙමෙයි. මේ ප්‍රහාර එල්ල කළේ නොමඟ ගිය තරුණ කණ්ඩායමක්.
මෙය කළේ කවුරුන්ද කියලා අපි තවමත් දන්නේ නැහැ. මෙය පිටුපස ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රහාර එල්ල කළ පිරිසට ආගම් ගැන දැනුමක් හැඟීමක් නැහැ. ඔවුන්ට ආගමක් නැහැ. ආගමික පුද්ගලයකු මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ.
මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය වන්නේ අපේම වැරැදි අඩුපාඩුවලින් බව කියන්න ඕනේ. සමාජයේ විවිධ අසාධාරණකම් අයුක්ති සහගත දේවල් තිබෙන බවත් පිළිගන්න ඕනේ. ඒවායේ ගොදුරු බවට පත්වන්නේ තරුණ කණ්ඩායම්. එවැනි අසාධාරණකම් නිසා තරුණ කණ්ඩායම් බලාලෝභී පිරිස්වල ගොදුරු බවට පත්වෙනවා.
මැද පෙරදිග ප්‍රශ්න දිහා බලන්න. ස්ථාවරව සාමකාමීව තිබූ රටවල සාමය නැතිවෙලා. අද වෙද්දි ඒ රටවල් අස්ථාර වෙලා. එක රටක යුද්ධයක් ඉවර වෙද්දි තවත් රටක යුද්ධයක්. ඇතැම් කණ්ඩායම් ඒවාට ආගම් පදනම් කරගන්නවා. එහෙත් ඒවා පිටුපස තිබෙන්නේ ආගම් නෙමෙයි. ඒවාට පදනම් වෙන්නේ ආගම් නෙමෙයි. ඒවා පිටුපස බලවත් කණ්ඩායම් සිටිනවා. ත්‍රස්තවාදී කණ්ඩායම් අපට පෙන්වන මුහුණුවර නෙමෙයි පිටුපස තිබෙන්නේ. ඒවා පිටුපස ඉන්නේ කවුද කියන්න අපි දන්නේ නැහැ. ඇතැම් බලලෝභී වුවමනා ආගමික මුවාවෙන් පැමිණෙනවා. මැදපෙරදිග අස්ථාවර වෙලා. මේවා පිටුපස ඉන්නේ කවුදැයි ඔබ දන්නවා.”



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කළේ කවුරුන්ද කියලා අපි තවමත් දන්නේ නැහැ. මෙය පිටුපස ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් කොහොමද කියන්නේ මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ ආගමක් නොමැති පිරිසක් කියලා..
බෞද්ධයන්ගෙනුත් එහෙම නෑ. ඔබවහන්සේම කී පරිදි කතෝලික මම හිතන්නේ බෞද්ධයන්ගේ කරුණාව ලංකාවේ අබෞද්ධයන් දඩමීමා කරගැනීම නතරවිය යුතුයි කියලයි. ජේසු පිහිටයි...!!!
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වෙත, ඔබ වහන්සේගේ අදහස් බෞද්යන් වන අප ඉතාම ඉහලින් අගය කරන්නෙමු.තම වටිනා ජිවිත නිකරුනේ පුජා කල කිතුනු බැතිමතුන් ඇතුළු සියලුම දෙනාට අපගේ අවංක සෝකය ප්‍රකාශ කරන්නෙමු.
අන්තවාදී ආගමික අදහස් පතුරුවමින් මහජනයා නොමග යැවීමට කල් බලා සිටින රටක ඔබ වැනි උතුම් ආගමික නායකයින් රටට අභිමානයක්.
දැන් ඔන්න ආපහු මුලු රටේ ඉන්න මිනිස්සුන්වම අන්දන්න පටන් අරන් තියෙන්නේ. මේ ගේම් එක ඔක්කොම එකතු වෙලා ගහල, දෑන් ඒකෙන් බේරෙන්න වෙන වෙන පෑති වලට මේක හරවනව. කාදිනල් තුමා රෑවටෙන්න එපා.....
ගරු කාදිනල් තුමනි, ඔබතුමා නොබියවම 'පොදු හතුරා' කවුදැයි නොකියාම කියා තිබෙනවා. මෙවැනි දෙයක් කීමට අපි රටේ ඉන්න නුගත්,මෝඩ,දුෂිත ,අතේ ලේ ගෑවුන සියලුම දේශපාලකයින්ට හැකියාවක් නැත.ඒ ඔවුන් සියලුදෙනාම මේ පොදු සතුරා වන බටහිර රටවල් සහ ඇමෙරිකාව සමග අඩු වැඩි වශයෙන් සම්බන්ධතා ඇති නිසාය. අපේ රටේ මේ විනාශය කල අයිසිස් ත්‍රස්තවාදීන් සන්නද්ධ කිරීමට දායකවුණ ඉහත කී රටවල් ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවූ පසු ( ලිබියාව විනාශ කරීම ) ඔවුන් දුන් අයුධ නැවත ඉල්ලාසිටියා. නමුත් ඔවුන් ඒවා තමන්ට දුන් බටහිර රටවල් වලට නැවත දීම ප්‍රතික්ෂේප කල අතර ඔවුන් තමන්ට තව තවත් කොන්ත්‍රාත් ඉල්ලා සිටියා..සිරියාව විනාශ කරන්න ඔවුන්ට අවස්ථාව ලැබුනේ ඒ අයුරිනි.මේ ඒ ගමනේ තවත් පියවරක් පමණයි.දකුණු ආසියාවේ චීන ආයෝජන නොඉවසන බලවත් රටවල් ඕන තරම් සිටින බව අප අමතක නොකලයුතුයි.රටක් අස්ථාවර කිරීමට කලින් මේ රටවල් ඔවුන්ගේ ඒජන්තයින් ඒ ඒ රටවල දේශපාලනික ප්‍රවාහයට රිංගවන අතර ඔහුට හෝ ඇයට දුන් රාජකාරිය හරියාකාරව ඉටු කිරීමට නොහැකිවුනහොත් .. මේ ත්‍රස්තවාදීන් යොදාගෙන හෝ තම අභිමතාර්ථයන් ඉටුකරගැනීමට උත්සහ දරයි.උගත්,බුද්ධිමත්,රටට ආදරේ,දේශපාලකයින් අපේ රටට අවශ්‍ය ඒ නිසයි.
අතිගරු කාදිනල්තුමනි මෙම සිද්දියේදී වඩාත්ම සංවේයට පත් වූයේ කතෝලික බැතිමතුනුයි, වේදනාව්ට, තම ඥාතීන් අහිමිවූ යේ කතෝලික ප්‍රජාවටයි. ඒත් මින් වඩාත් දුකට සංවේගයට පත් ව ඇත්තේ ජනතා මුදලින් සිය පවුල් පිටින් යැපෙන බඩගෝස්තර ඉතා මහන්සියෙන් කුලීවැඩකර උපයන සොච්චම් මුදලින් බදු ගෙවන මහජනයා පිනට දුන් තීරු බදු සහන වාහනයත් කෝටි ගානකට විකුනා මුදල් තම සාක්කුවේ දමා ගත් පාදඩයන්ය.