IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාදර් නානා වත්තෙන් කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග 23 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල වනාතමුල්ල කාදර් නානා වත්තේ දෙමහල් නිවසක දී අද (22) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්ධන අංශය කියයි .

 සැකකරු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 200 පොලිසිය බාරයට ගෙන ඇත .

 ඩුබායි රටට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කලු සාගර නැමැත්තාගේ හොරෙයින්  මත්කුඩු තොග වශයෙන් මිලදී ගෙන  සිල්ලරට අලෙවි කිරීමේ ජාවාරමක මෙම පුද්ගලයා නිරත වන බවට කොළඹ දිසා දූෂණ  මර්දන අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න මහතාට ලද  තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

 අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් සිදු  කරන ලද ප්‍රශ්න කිරීමේ දී කලු සාගර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන වනාතමුල්ල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තාරක නැමැත්තා මාර්ගයෙන් මත්කුඩු මිලදී ගත් බවට වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙකු කීය  .

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්කුඩු පැකට් කිරීම සදහා සූදානම් වෙමින් සිටි බව පොලිසිය සදහන් කරයි .



අදහස් (2)

කාදර් නානා වත්තෙන් කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට

Bamunuarachchi Saturday, 23 May 2020 02:02 AM

කුඩු ලෙඩ වලට නානලා කොහොමත් සම්බන්ධයි...

:       56       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 03:51 AM

ඩුබායි රටේ හැංගිලා ඉඳන් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින කළු සාගරව ජ්‍යාතන්තර පොලීසියේ සහාය ගෙන අල්ලන්නේ නැත්තේ ඇයි? එසේ කිරීමට කාගේ හෝ බාධා කිරීමක් නැහැ නේද?

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site