IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි

(රංජිත් රාජපක්ෂ)                       
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අද(02) පැවසීය.
 
නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා මේ බව පැවසීය.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා මෙසේ කියා සිටියේය.
 
“කුමාර සංගක්කාර මහතාව ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරනවා. රටට කිර්තියක් ගෙනාපු ක්‍රීඩකයන් සියල්ල ගෙනල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි චෝදනාව කරපු කෙනාව ගෙන්නේ නැහැ. එයාගේ ගෙදරට යනවා ප්‍රකාශයක් ලබා ගන්න.
 
මේක පරස්පර විරෝධී ක්‍රියාමාර්ගයක් හැටියට මම දකිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් මේක. ආණ්ඩුවේ කට්ටි දෙකක් ඉන්නවා, එක කට්ටියක් වැඩ කරන අය, නාමල් රාජපක්ෂ මහතාත් කියනවා මේක හොඳ නැහැ කියලා, එහෙනම් අගමැතිතුමාට කතා කරලා මෙවැනි දේවල් නතර කරන්න ඕනි.
 
ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න සෘජු තීරණ ගන්න ඕනි. ක්‍රිකට් ක්‍රීඩයන්ට මේ අයුරින් හිරිහැර කරනවා නම් ඔවුන් තවත් පහතට වැටෙනවා. අවුරුදු නවයකට පස්සේ මේ චෝදනාව කරනවා, ඇයි මැතිවරණ සමයේ මේක ඉදිරිපත් කරන්නේ? මේවට නිසියාකාරව පරික්ෂණ කරලා නීතිමය පියවර ගන්න ඕනි.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යනවා. අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි කවදාවත් රාජපක්ෂ කඳවුරට එක්වෙන්නේ නැහැ.ශක්තිමත් විපක්ෂයක් හදලා ඉදිරියේදි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා. ආණ්ඩුව බහුතරයක් ගන්න උත්සහ කරනවා, අපි ආණ්ඩුවේ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතාව අතර විවිධ මත යවන්න උත්සහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවක් හදන්න එයාලා කැමති කියලා. ආණ්ඩු හදන්න කවුද අකමැති? හැමෝම කැමතියි. එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයට ඡන්දය දීලා පක්ෂය ආරක්ෂා කර ගන්නවා. අපි කිසිවිටකත් රාජපක්ෂලා සමග එකතු වෙන්නේ නැහැ” යනුවෙන් ඒ මහතා පැවසීය.



අදහස් (4)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි

kiri batta Thursday, 02 July 2020 12:24 PM

නවීන්, ඔබ වරක් රාජපක්ෂ කඳවුරේ හිටපු කෙනෙක්... ඒ නිසා එන්නේ නැහැ කියන එක අපි දෙපාරක් හිතනවා. අනික ඇයි ප්‍රශ්නයක් මතුවුණාම යටගහන්න හදන්නේ....? ඔබලාගේ කඳවුරේ ඉන්න අර්ජුනට පවා මේ තරගය ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අපි ඇත්ත නැත්ත හොයන්න ඉඩ නොදී වහන්නේ ඇයි කියන්න.

:       0       0

Bamunuarachchi Thursday, 02 July 2020 01:36 PM

ක්‍රීඩකයින්ගේ සාක්කි දීමෙන් කරන ලද පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු වෙනවා.. ඒ වගේම ක්‍රීඩකයින්ගේ නිර්දෝෂී බව තහවුරු වෙනවා. ඉතින් එ්කට ඇයි මෙයා බය...?

:       0       0

liyanage Thursday, 02 July 2020 01:40 PM

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ ඇති වැරැද්ද කුමක්ද?

:       0       0

kamal Friday, 03 July 2020 05:30 AM

හරියට හරි.... ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ සාමාන්‍ය මිනිසුන් නෙමෙයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site