
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර දිස්ත්‍රික්කයට අද (18) උදෑසන සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්‍යාලය පවසයි.
එම නිසා කළු ගඟ සහ කළු ගඟේ අතු ගංඟා අවට සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
අද (18) රාත්‍රි 7.10 පමණ වන විට කළු ගඟේ ජල මට්ටම මීටර් 6.12 ක් ලෙසට කළු ගගේ රත්නපුර මුවගම ජල මාපකයේ සටහන් ව තිබූ බව රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි .
එය ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටම පසු කර ඇති නිසා රත්නපුර නගරය සහ ඒ අවට ජනතාවට අවධානයෙන් සිටිය යුතු බව රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි.
කළු ගඟේ ජල මට්ටම් පිළිබඳවද අවධානය යොමු කිරීමේ දී කළු ගඟේ සවිකර තිබෙන රත්නපුර, මුවගම ජල මාපකයට අනුව ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස සලකන්නේ මීටර් 5 කි. සුළු ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ කළු ගඟේ ජල මට්මට මීටර් 7.5 වූ විටය, මහ ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ මීටර් 9.5 වූ විටය, අති විශාල ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ මීටර් 10.5 ක් වූ විටය. මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා කළු ගගේ ජල මට්ටම වැඩිවී තිබේ.
කළු ගගේ අතු ගංගාවන වේගඟ, හංගමු ගඟ දෙනවක ගඟේද ජල මට්ටම වැඩිවි ඇත.
සිරිපා අඩවිය ආශ්‍රිතව ද මහවැසි ඇතිවීම හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම තවදුරටත් වැඩි වෙන බව වාරිමාර්ග කාර්‍යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී