
(ඉන්දිකා රාමනායක)
මන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී සහ වන්කාලේ වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 818 ක් නාවික හමුදාව අද (16) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.
මින් කිලෝ 510 ක ප්‍රමාණයක් උතුරු මුහුදේ දී ඩිංගි යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන එමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනි 12 ක ඇසුරු මෙම කහ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු නවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් මේවා ඉන්දියාවේ සිට රැගෙන විත් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර මන්නාරම වන්කාලේ වෙරළ තීරයේ දී නාවික හමුදාව අද පස්වරුවේ සිදු කළ සෝදිසියකදී වෙරළ තීරයේ ගෝනි 5 ක අසුරා සඟවා තිබූ තවත් වියළි කහ කිලෝ 308 ක ප්‍රමාණයක් සොයා ගත් බවද නාවික හමුදාව සඳහන් කරයි.
කිසියම් පිරිසක් මෙම වියළි කහ තොගය ද මුහුදු මගින් මෙරටට රැගෙනවිත් සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාගේ ගෙදර හදන කෑමවලට කහකුඩු දානවද? එහෙනම් ඒ කහකුඩු ලැබෙන්නේ කොහොමද? සාමාන්‍ය ජනතාවටත් ඒ ක්‍රමයට කහකුඩු ගෙන්වන්න පුළුවන්ද?
නාවික හමුදාවට ප්‍රමෝෂන් දෙන්න අවටින් අල්ලා ගැනීමක්.. කහකුඩුද කියලා ශුවර්කර ගැනීමට රසපරීක්ෂකට යවන්න එපා. මොකද එයත් කහකුඩු ස්වල්පයක් දමනවා.