IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කසල ප්‍රතිචක්‍රිකරණය යන්ත්‍රය දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය

 
 ගම්පොළ දොළුවේ අඹකුඹුරේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නිපදවූ කසල ප්‍රතිචක්‍රිකරණය කිරීමේ යන්ත්‍රය සංකල්පමය වශයෙන් ඉතා හොඳ එකක් බැවින් එය දියුණු කිරීම සඳහා වහා උපකාර කිරීමට තීරණය කළ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ලංකාදීපයට පැවැසීය. අද (23) පෙරවරුවේ විකුම් සම්පත් මහතාගේ නිවසට ගොස් ඔහු නිපදවූ යන්ත්‍රය පරික්ෂා කර එහි ආදර්ශයක් නිපදවන ලෙස උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා, එය නිපදවීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද පැවැසීය. 
එහි ආදර්ශන නිපදවූ පසු නර්ඩ් ආයතනයහා එක්ව වඩාත් විධිමත්ව නව අංග සහිතව අදාල යන්ත්‍රය  නිපදවීමටත්, අනතුරුව ඔහුට බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. මේ සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ නේවාසිකව සිටීම සඳහා ඔහුට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කරන බව ද ඇමතිවරයා තව දුරටත් පැවසීය. 
ලේලන්ඩ් බසයක කොටසක් කපා ගෙන මූලික සිද්ධාන්ත මතු කරමින් දැවැන්ත යන්ත්‍රයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබු අතර  ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ 32 ක මුදලක්  වැය වි තිබිණ. අදාළ යන්ත්‍රය ක්‍රීයාත්මක කර එහි ක්‍රියාකාරිත්වය හා අඩුපාඩු පිළිබඳ එම ස්ථානයේ දීම අදාල නිලධාරින් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර පවතින කසළ ප්‍රශ්නයට එය ඉතා ගැලපෙන පිළීතුරක් බව ද එහි දී පවසා තිබේ. 
දිගුකාලින පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නිපදවනු ලැබු එම යන්ත්‍රය මේ වනවිට ඉතා වැදගත් අවශ්‍යතාවයක්  බවට පත් වී තිබිම පිළීබඳව සතුටු වන බව විකුම් සම්පත් මහතා ලංකාදීපයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම ගමනට සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා සමඟ නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ සභාපති මහේෂ් එදිරිසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ හා අදාළ ආයතන නියෝජිතයෝ ද සහභාගි වූහ.



අදහස් (11)

කසල ප්‍රතිචක්‍රිකරණය යන්ත්‍රය දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය

jayasinghe leonard Sunday, 23 April 2017 05:28 PM

ලංකාවේ දක්ෂ අය එක් තැනක රදවලා දේශීය නිපැයුම් ගම්මානයක් ඇති කරන්න සුසිල් අැමතිතුමාට තුති. ලෝකෙ වටේ ගිහින් අායෝජන හොයන්න එපා අපිට රට දියුණු කරගන්න පුලුවන් කුහකකම අයින් කර ගමු මුලින්ම

:       0       24

wilkin jayakody Sunday, 23 April 2017 11:46 PM

මෙන්න අගය කලයුතු වැඩක්....

:       1       25

Wijebahu Monday, 24 April 2017 01:39 AM

ජපානය, කොරියාව වගේ රටවල් දියුණු වුනේ මේ වගේ නිපැයුම් වලට අතහිත දුන් නිසා.

:       0       7

athura Monday, 24 April 2017 03:31 AM

මේ රජය කරන හැමදේටම විරුද්දව මේකේ අදහස් පලකරන කවුරුත් මේ වගේ හොද දෙයක් වත් අගය කරන්නේ නැහැ.රාජ උෂ්නේ.

:       3       23

සින්හාර Monday, 24 April 2017 03:31 AM

ඇයි මේ සම්පුර්ණ යන්ත්‍රයම නිපදවල තියෙද්දී ඒකෙ ආදර්ශන හදන්න කියන්නෙ????? ආයිත් මොකටද ආදර්ශන??

:       1       1

දිනේෂ් Monday, 24 April 2017 04:18 AM

ඉතාම හොඳ වැඩක්. ප්‍රමාද වී හෝ මෙවැනි කටයුත්තකට අත හිත දීම අගය කළ යුතුයි. අතර මග නවත්වන්නේ නැතිව දිගටම කරගෙන යා යුතුයි.

:       0       18

MAHESH KOSALA Monday, 24 April 2017 06:02 AM

කොමිස් කාක්කන්ට මොකද වෙන්නේ දන්නේ නැහැ? හොද දෙයක් ඔබට සුභපතනවා

:       0       1

da silva berlin Monday, 24 April 2017 07:58 AM

මේ තරුණයෝ හොඳ දෙයකට ඉදිරිපත්වෙලා තිබෙනවා , මේ ව්‍යාපෘතිය හරියට කළත් ඉදිරියට හොඳට මුදල් උපයන්න පුළුවන්, ඔබට මගේ සුභ පැතුම් !!!

:       0       0

bandula Monday, 24 April 2017 10:24 AM

ඔය පින්තුරයේ අන්තිමටම කුඩාවට ඉන්නේ නර්ඩ් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාමල් ආනන්ද මහතාය. ඔහු ආචාර්ය කුලසිංහ මහතා යටතේ පුහුණුව ලැබූ පේටන්ට් කිහිපයක් හිමි දක්ෂ ඉංජිනේරුවෙක්. 1990 දේ කටුනායක වෙළඳ කලාපයට කසල දහනය නිපදවුවේ ඔහුය. නමුත් එහි නිලධාරීන් එය නඩත්තු කළේ නැහැ. ඔහුගෙන් උපදෙස් ගන්න. මෙම පුවතේ ඔහුගේ නමවත් ගෑවිලා නැහැනෙ...

:       3       1

menna Monday, 24 April 2017 12:13 PM

අපේ නෑදෑයන්ට ගෙවල් අතහැරලා යන්න සිද්ද වුන, ළඟ තියෙන වෙලකට කුණු දන්නා පටන් ගත්ත නිසා. ඉස්සර ඒ පැත්ත ලස්සනට තිබුන පැත්තක්. මහා අපරාදයක්. මිනිස්සුන්ගේ ජිවිත නැති වෙන්නම ඕනේ ලංකවේ දේශපාලකයන්ට ඇස් ඇරෙන්න. නගර සභාවෙන් ඇවිල්ල කුණු අරගෙන යනවා. අපිත් හිතන් හිටියේ මොකක් හරි ක්‍රමයක් ඇති කියල කුණු ටික විනාශ කරන. බලන් යද්දී රජයේ ඉඩම් වලයි. වෙල් වලටයිනේ ඒ කුණු ටික දාලා තියෙන්නේ. මටත් දැනුයි ත්රෙන්නේ කවුරු හරි මහජනයාට පෙන්න ලකුණු දාගෙන ලොකු කොමිස් එකක් ගන්නේ නැතුව කිසිම වැඩක් වෙන්නේ නැහැ කියල. ඔහොම යං ලංකා. වෙන කියන්න දෙයක් නැහැ. අපේ වයස් වල එවුන්වත් ඉදිරියේදී ලස්සන ලංකාවක් කරයිද දන්නේ නැහැ. ඒ අයත් අම්ම අප්පල කරපු දේවල්ම කරන්න ගත්තොත් තම දුක.

:       0       0

wasanjaya Monday, 24 April 2017 09:04 PM

මම ඉන්න රටේ පාරවල් අයිනේ වීදුරු ප්ලාස්ටික් ටින් වෙනමත් කරදාසි වෙනමත් කාබනික වෙනමත් දැමිය හැකි කුණු බක්කි තබා තිබෙනවා ,මහජනයා තම නිවෙස්වල එකතුවෙන අපද්‍රව්‍ය එකී බක්කි වලට වෙන වෙනම දමනවා ඒවා රැගෙන ගොස් වීදුරු ප්ලාස්ටික් උණුකර නැවත වීදුරු ප්ලාස්ටික් හදනවා කරදසිත් පල්ප් බවට හරවා නැවත කරදාසි හදනවා කාබනික ද්‍රව්‍ය පොහොර බවට පරිවර්ටනය කරනවා .පසල්වල් ළමුන්ට කසල වෙන්කර බැහැර කිරීම පිළිබඳව උගන්වනවා ඇයි අපේ රටේ මෙවැනි සරල ක්‍රම වේදයක් වත් ක්රිඅත්මක නොවන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 56 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 116 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 894 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 641 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1253 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 276 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site