(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබාදෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට අද (24) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලිසියේ එල්.ඩි.6907 අංක දරණ මුර සංචාරක කැබ් රථයට බව කියයි.
කොළඹ සිට අරුවක්කාඩුවට කසල ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කරමින් තිබු මෙම පොලිස් කැබ් රථයට ප්‍රහාරය එල්ල වි ඇත්තේ පුත්තලම තිල් අඩිය ප්‍රදේශයේදී බව කියයි.
තිල් අඩිය ප්‍රදේශයේ සැඟවී සිටි පිරිසක් කසල රැගෙන යමින් සිටි ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී මෙම පොලිස් ජීප් රියටද එකවර ප්‍රහාරය එල්ල වූ බව කියයි.
එසේම මෙම ගල්ප්‍රහාර වලින් කසල ප්‍රවාහන කරමින් තිබූ ලොරි රථයකටද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබු අතර එහි ඉදිරියේ ප්‍රධාන වීදුරුවට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව ගල් ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදිම සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත්වූහ.
අත්අඩංගුවට ගත් සැකකරු වාහනවලට පහර දීමට සඟවාගෙන තිබූ ගල් කීපයක්ද පොලිසිය ඒ සමගම අත්අඩංගුවට ගෙන ඇති බව කියයි. මෙම කසල ප්‍රවාහන ටිපර් රථ වෙනුවෙන් ස්ථාන ගණනාවක යුද හමුදාවද ආර්ක්ෂාවට යොදවා ඇති බවද කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



COMMENTS
විරෝධතා පලකළ යුත්තේ මිනිසුන් විදියට විනා වන සතුන් විදියට නොවේ.
"විද්දේ හාවට වැදුනේ පොලිසියට" අනුමානයක් නැහැ ඕක නම් හිතාමතාම කරපු වැඩක්... අපේ පොලිසියට මහ ජනතාව එ් තරමටම ආදරෙයිනේ... එ්කයි එහෙම හිතුනේ.
නීතිය බල්ලට ගියාද? ගරු අධිකරණ නියෝග තියනවා නේද අවහිර නොකරන්න කියලා. ආරක්ෂක හමුදාවේ නිලදරුවනි තියන්න වෙඩි. එතකොට පිටපස්සේ ඉඳන් අහිංසකයින් මෙහෙයවන දේශපාලකයෝ එළියට එයි.
මිනිසුන් විදිහට විරෝධතා ඉදිරිපත් කළත් එයට සාධාරණ විසඳුමක් නොලැබෙද්දී සත්තු විදිහට හැසිරෙන්න වෙනවා.
දියවන්නාවේ මහල්ලෙකුට ඔහොම ගලක් ගැහුවා නම් අද ඔබ ජාතික වීරයෙක්.. හැමදේම වැරදි තැනින් පටන් ගන්නේ නේද?
කුණු වලටය් ජරාව කන එවුන්ටය් පොලිස් ආරක්ෂාව ඇතුව පාරේ යන්න සලස්වන ලෝකෙම එකම රට ලංකාවද????
අතීතයේ මේ වගේ අවස්ථාවලදි වෙච්ච දේවල් මතක් කරලා බැලුවොත් ඇත්ත තේරෙනවා .1 කන්දලමට මරාගෙන මැරෙන විරෝධතා ආවා. ගිනිතියාගන්නවා කිව්වා. අන්තිමේදී මොකද උනේ ? 2 ඉරණවිල ඇමෙරිකන් හඬ මතකද තිබිච්ච සද්දේ ? දැන් කෝ ඒවා? 3 නොරච්චෝලේ - කී තැනකට අරන් ගියාද ? පහුගිය ආණ්ඩුවට කොන්දක් තිබුනා එක හදන්න. නැතිනම් අපට විදුලිය දෙන්නේ ඕව පිටිපස්සේ ඉන්න උදවියද? . මෙතන කතාවත් එ්කමයි.
තවම පරිණාමය නොවූ මිනිසුන් සිටින පළාතක් වගේ .