
කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කටාර් සිට පැමිණි පුද්ගලයින් 6 ක් , කුවේට් සිට පැමිණි දෙදෙනෙක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් 9 දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 17 දෙනා අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

=======================================================================================
කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (08) මේ වනවිට හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3126 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සහ කුවෙට් සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින දෙදෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් අතර වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (08) මේ වනවිට පුද්ගලයින් 2935 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 179 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණි.
මේ වනවිට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.