
(එම්.කේ.නන්දසේන)
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කැඳවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් අතරින් අහඹු ලෙස තෝරාගන්නා ලද 150 ක පමණ පිරිසක් අද (31) පූජා භූමියේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළහ.
මොනරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඩී.කේ. අධිකාරි මහතාගේ උපදෙස් පරිදි කළ මෙම පරීක්ෂණ සඳහා මොණරාගල දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය හා අතිරේක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කණ්ඩායමක්ද සහභාගි වූහ.
කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ කතරගම සහ සෙල්ල කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ සංවිධානයෙන් මෙය සිදුකෙරිණ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.