(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
එම පුද්ගලයන් තිදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, කේරළ ගංජා කිලෝ 1 1/2කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳ මුට්ටියාගේ ගෝලයන් තිදෙනා කියලා සිංහලෙන් ලිව්වා නම් ලස්සනට ඇති...
අපගේ දරුදැරියන් වෙනුවෙන් කරනු ලබන මේ මහඟු පුණ්‍ය කර්මය හේතු කොට ගෙන ඊට දායක වන ලතීෆ් මහතා ඇතුලු සියලුම දෙනා සිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.
අල්ලාගන්නා කුඩු ප්‍රසිද්ධියේ විනාශ කරන්න.
කුඩු ජාවාරම් කරුවන් අල්ලන එක ගැන මාගේ ප්‍රණාමය. ඒ වගේම අල්ලන කුඩු ජාවාරම් කරුවන් නිදහස් කිරීමට මාගේ අප්‍රසන්න බවත් පෙන්වා සිටින අතර, කුඩු වලට සම්බන්ධ සියලුදෙනාම ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සිදු කළ යුතුය. මාකදුරේ මදූෂ් ඇතුළු කණ්ඩායම, සවුදියේ වගේ ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුය.