(අනීෂා මානගේ)
ඖෂධ ආලේපන වර්ගයක් ශරීර ගතවීමෙන් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වයස අවුරුදු 2ක කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

තම පියාගේ අතෙහි ආලේප කිරීම සඳහා ගෙනෙන ලදැයි කියන ඖෂධ ආලේපන වර්ගයක් මෙම දරුවා ආහාරයට ගෙන ඇතැයිද මේ හේතුවෙන් එම දරුවා ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.  

දරුවා රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරුවාගේ සිරුර මේ වන විට තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.