
ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයකු වන එස්. පී. බාලසුබ්‍රමනියම් මහතා තවදුරටත් ජීවිතාධාරක යන්ත්‍රයක සහාය ඇතිව සිටින නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් චෙන්නායිහි එම්.ජී.එම්. හෙල්ත්කෙයාර් ආයතනයට ඇතුළත් කර තිබේ.
“ඔහු ස්ථාවරව සිටින අතර වෛද්‍යවරුන් ඔහුගේ සායනික පරාමිතීන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා” යැයි එම්ජීඑම් හෙල්ත්කෙයාර්හි වෛද්‍ය සේවා සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය අනුරාධ බාස්කරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම සුප්‍රසිද්ධ ගායකයා, අගෝස්තු 5 වන දින සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් කියා සිටියේ තමන්ට කොරෝනා වයිරසය වැළඳී ඇති බවයි. එහෙත් තමන් හොඳින් සිටින බවත් බාලසුබ්‍රමනියම් මහතා සිය රසිකයින්ට සහ අනුගාමිකයින්ට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් සිකුරාදා (14 වැනිදා) ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සුප්‍රකට ගායකයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.
තෙළිඟු, දෙමළ, කන්නඩ, හින්දි සහ මලයාලම් චිත්‍රපට වෙනුවෙන් සිය කටහඬ මුසුකළ බාලසුබ්‍රමනියම් සදාකාලිකව පවතින ආකාරයේ ගීත දහස් ගණනක් ගායනා කර තිබේ.
වැඩිදුර කියවන්න
COMMENTS
ලොව ගීත 50,000 කට වැඩිය (දෙමල ගීත 25.000 ට වැඩිය) ගායනා කල සුප්‍රකට ගායක S.P.B ට ඉක්මන් සුවය පතමු.
අප කව්රුත් අන්තිම තප්පරයේදීද ජීවත්වීමට කැමති බව කිසිවෙකුට තේරුම් නොයන්නේ නම් එය පුදුමයකි.. කව්රු කෙසේ කිවත් මා මෙන් ඔබද අන්තිම මොහොත තෙක් ජීවිත යදින්නන් බව අමතක නොකරමු. ඒ අප සියල්ලන්ම මනුෂ්‍යයින් නිසාවෙනි. එය තමයි යතාර්ථය..
බාලසුබ්‍රමනියම්ට ඉක්මන් සුවය ලැබේවා..!!!
මම චූටි කාලේ අපේ ගෙදර තිබුණු වෑල්ව් රේඩියෝවේ ටියුනරය එහෙට මෙහෙට කරකවද්දී ඉඳලා හිටලා දෙමළ චැනල්ස් ළඟ නවතිනවා. නිවේදකයා ද්‍රවිඩ භාෂාවෙන් මේ තුමාගේ නම කියනවා. ඊට පසුව ගීතය පටන්ගන්නවා. ගොඩක් වෙලාවට මෙයාගේ නමමයි අහලා තියෙන්නේ... ඒ නිසා මම හිතුවා දෙමළ ගීත කියන්න ඉන්නේ එක ගායකයයි කියලා. අවාසනාවකට දෙමළ භාෂාව ගැන දැනීමක් නැතිවුණාට, සංගීතය කියන්නේ එක භාෂාවක් නිසා මම ඒ ගීත අාසාවෙන් අහගෙන හිටිය කාලයකුත් තිබුණා. දෙමළ යහළුවන්ගෙන් තේරුමත් අහලා තියෙනවා. ඉතින් මුළු ලෝකයක්ම ආදරේ කරන මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...
ඉක්මනින් සුව වෙන්න... ඔබ වැන්නවුන් ලොකයේ විරලයි.
ඔබතුමාට ඉක්මණින්ම සුවය ලැබේවා..!!! නිරෝගී වේවා..!!! සුවපත් වේවා...!!!