එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ‘එමිරේට්ස්’ ගුවන් සේවය ඇතුළු ලොවපුරා ගුවන් සමාගම් රැසක් ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමීය.
නිවේදනයක් නිකුත් කළ ‘එමිරේට්ස්’ ගුවන් සේවය ලබන 21 වැනිදා සිට නගර නවයකට ගුවන් ආරම්භ කරන බව නිවේදනය කළේය.
ඒ අනුව ඩුබායි නුවර සිට ලන්ඩන්, හීත්‍රෝ, ෆ්‍රෑන්ක්ෆර්ට්, පැරිස්, මිලාන්, මැඩ්රිඩ්, චිකාගෝ, ටොරොන්ටෝ, සිඩ්නි සහ මෙල්බර්න් යන නගරවලට ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
එමෙන්ම බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අතර සිටින සංචාරකයන්ට ද ගුවන් ගමන් සේවා සපයන බව එම සමාගම තවදුරටත් සඳහන් කළේය.
- 055
අල්ජසීරා
2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට
බද්රානි Wednesday, 13 May 2020 04:24 PM
ලොක් ඩවුන් කාලය තුලත්,, ලන්ඩනයේ හීත්රෝ සිට කටුනායක ගුවන් තොටුපොල හරහා චීනෙට චීන්නු පටවාගෙන ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා, මින් පසුවටත් චීන්නුන්ටම භාර දීලා පිටරට වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් එමිරේට්ස් ගුවන් සේවය සමග ගමන් කරනු ඇතැයි සිතමි...
ලියනගේ Wednesday, 13 May 2020 08:15 PM
ශ්‍රී ලන්කන් ගුවන් යානා කිසිදිනක " ON TIME TAKEOFF AND LANDING " පිලිබදව සැලකීමක් නොමැත. සාමාන්‍යයෙන් පැමිණීම සහ පිටත්වීම " UL" යන ආකාරය...
rohanWednesday, 13 May 2020 09:03 PM
එහෙමද ආස...?
malindi Thursday, 14 May 2020 07:00 AM
මහ ගුණමකු කතාවක්. ලෝකය පුරා සිරවී සිටි අපේ ළමයි පහුගිය දවස්වල කටුනායකට ආවේ එමිරේට්ස් වලින් ද?
හරේන් Thursday, 14 May 2020 11:58 AM
ගුවන් යානා වලට උඩුගුවනට යන්න බෑ. උඩුගුවන කියන්නෙ අභ්‍යවකාශය. ඒකට රොකට් යානයක් අවශ්‍යයි.